දින 22 කට පෙර මීගමුව ධීවර වරායෙන් මුහුදු ගිය ‘ජෙරම් පුතා’ නම් බහුදින යාත්රාවෙන් කිසිඳු තොරතුරක් ගොඩබිමට ලැබි නැති බවට මුහුදු ගිය පිරිසගේ ඥාතීන් පවසා ඇති බව වාර්තා වේ.
මෙලෙස ධීවර කටයුතු සඳහා මුහුදු ගොස් ඇත්තේ මීගමුව, වැල්ලවිදීය, තොඩුවාව යන ප්රදේශවල පදිංචි පුද්ගලයින් සිව්දෙනෙකි.
මුහුදු ගිය පිරිසගේ ඥාතීයෙක්,
“අපේ තාත්තා මුහුදු ගියා. අදට දවස් 20කටත් වැඩියි. තාම ආරංචියක් නැහැ. රජයෙන් ඉල්ලා සිටින්නේ ඔවුන්ට කරදරයක් වෙලානම් ඔවුන්ව බේරගන්න කියලා. මගේ තාත්තා ඇතුළු අයව පණපිටින් අපට ගොඩට ගෙනල්ලා දෙන්න.”