ජේලර්වරයාගේ බැංකු ගිණුමට මුදල් දමා දූෂිතයෙක් කිරීමට තැත්කරලා. මත්ද්‍රවය වෙළෙන්දාගෙන් ලක්ෂ 68 ක රත්රන් බඩු ගත් ජෙලර්වරියක්.

බොහෝ විට සිරකරුවන්ට එරෙහිව මානව හිමිකම් අපයෝජන සිදුවන්නේ බන්ධනාගාර තුල සේවය කරන දූෂිත නිලධරීන් නිසාය. බන්ධනාගාරයේ ප්‍රචණ්ඩත්වය පාලනය නොකළ පිපිරීම් සිරකරුවන්ගේ ජීවත්වීමේ අයිතිය නිතරම උල්ලංඝනය කරයි. එක් කාලයකදී වෙනිසියුලාවේ දුරස්ථ කැලෑ පරිශ්‍රයකදී සිරකරුවන් විසි නව දෙනෙකුවත් ඝාතනය කර තිබුණි. ටජිකිස්ථානයේදී උතුරු නගරයක් වන කුජාන්ඩ් හි බන්ධනාගාරයකට කඩා  වැදී සිරකරුවන් සියයකට වැඩ වැඩියෙන් මරා දම තිබුණි.  මොරොක්කෝවේ Oukacha බන්ධනාගාරයේ සිරකරුවන් විසි දෙදෙනෙකු 1997 සැප්තැම්බර් මාසයේදී පණපිටින් පුළුස්සා දමන ලදී.  බන්ධනාගර ගතවන සිරකරුවන්ට එවැනි දුක්ඛිත තත්වයන් ඇති වන්නේ රාජ්‍ය පාලනයන් තුල මෙන්ම බන්ධනාගාර තුලද තිබෙන අයහපත් පාලන සහ දූෂිත නිලධාරීන් හේතුවෙනි. ශ්‍රී ලංකාවේ බන්ධනගාර තුලද  දීර්ඝ කාලයක් තිස්සේ තිබෙන දූෂණ ක්‍රමයන් හේතුවෙන් යහපත් රටක් වෙනුවට අප ඉහලින් සටහන් කල ම්ලේච්ච තත්වයන් ඇති වෙමින් පවතී.

එසේ සිදු නොවී බන්ධනගාර ආරක්ෂා කිරීමට නම් එවැනි දූෂිත ක්‍රම ඇති කරන, වැරදි වැඩ කරන නිලධාරීන් නිසි ලෙස හදුනාගෙන ඔවුන් බන්ධනාගාර සේවයෙන් සදහටම ඉවත් කල යුතුය. අප මෙසේ දිගින් දිගටම ලියන්නේද, බන්ධනාගර සේවයේ දී සිටින හොඳ මිනිසුන් ආරක්ෂා කර ගැනීමටය. එසේම ශ්‍රී ලංකාව සුරකෂා කිරීමට අපද නීතියෙන් බැදී සිටි. ඒ හැර අපට කිසිම පුද්ගලයෙකු සමග පුද්ගලික තරහක් නැත.    

අප පසුගිය දිනක වැසිකිලිවලට ජංගම දුරකථන දමා වතුර ගැසීමේ සිද්ධියක් අනාවරණය කළේය.  එම ජංගම දුරකථන දුම්බර බන්ධනාගාරයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. ඒවා වැසිකිළි වළට දමා වතුර ගැසීම නියෝග ලබා දී තිබෙන්නේ දේවිකා  අලුත්පොත්ගොඩ නැමති ශ්‍රී ලංකාවේ  නිලධාරිනියක් බව  වාර්තා වේ. චුවා සමන්ත නමැති මත්ද්‍රව්‍ය ජාවාරම් කරුගේ අනියම් බිරියක් බව කියවෙන නිලන්ති නමැත්තියක් සතුව තිබූ ජංගම දුරකථනය එහි රාජකාරි කළ නිලධාරිනියන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. එම කාලයේ මෙම සැකකාරිය සහ අදාළ නිලධාරිනියද ගජ මිතුරියන් බවද පසුව ඔවුන් පස මිතුරියන් බවට ද පත්ව තිබෙන බවද කියා වේ. එහිදී සිදුව තිබෙන්නේ  නිලන්ති  නැමැති රැඳවි කාන්තාවට ඇප ලැබීමට ආසන්න හෙයින් ජංගම දුරකථනය විනාශ කරන ලෙසටයි. පසුව  ඇගේ නියෝග මත වැසිකිලියට  දමාවතුර ගසා එම ජංගම දුරකථනය විනාශ කර තිබේ.

එම සිදුවීම දැනගත් දුම්බර බන්ධනාගාරයේ ජේලර්වරයකු ඒ පිළිබඳව සටහන් යොදා විමර්ශනයක් ආරම්භ කර තිබේ. පසුව එම නිලධාරියාට ද බලපෑම් රැසක් එල්ල වී ඇති අතර ඔහුගේ රැකියාව අහිමි කරවීමටද පිරිසක් උත්සාහ දරා ඇත.  එම ජේලර්වරයා ගේ බැංකු ගිණුම් අංකයට සිරගතව සිටින කාන්තාවකගේ පාර්ශවයක්  මාර්ගයෙන් යම් කිසි මුදලක් බැර කිරීමට සලස්වා දූෂිත ලේබලය ඇලවීමෙන් ඔහුගේ රැකියාව අහිමි කිරීමේ සැලසුමක් තිබූ  බවට අනාවරණය වී ඇත . මේ සියල්ලම දැනගත්තම ජේලර්වරයා එම පිළිබඳව උසස් නිලධාරීන් දැනුවත් කිරීමට ද පියවර ගෙන තිබුනි.

කෙසේ වෙතත් හාස්‍යයට ලක් වන කරුණ නම් ජංගම දුරකථන විනාශ කිරීම සම්බන්ධව සොයා බැලීමට පත් කර තිබෙන විමර්ශන නිලධාරියා සහ  සැකකාර චෝදනා ලබා සිටින නිලධාරිනියද එකම රථයෙන් විමර්ශන දිනයට දුම්බර බන්ධනාගාරයට පැමිණෙන බවද වාර්තා වේ.

 මෙම ජේලර් වරියට  එල්ල වී ඇති චෝදනා රැසක් සම්බන්ධව මේ වන විට බන්ධනාගාරයෙන් මෙන්ම ආරක්ෂක අංශ වලින් ද විමර්ශන ආරම්භ කර තිබේ.

1. මත්ද්‍රවය වෙළෙන්දෙකුගේ මුදලින් රුපියල් ලක්ෂ 68 ක්  රන් භාණ්ඩ වැල්ලවත්ත නිත්‍ය කලා රන්බඩු වෙළද සැලෙන් අප්‍රේල් මස 28 වැනි දින මිලදී ගැනීම.

2. ඇය ජීවත් වන ප්‍රදේශයේ මත්ද්‍රවය වෙළෙන්දෙකුගේ මුදලින් සුපර්මාර්කට් එකක් සඳහා ගොඩනැගිල්ලක් ඉදිකිරීම. 

කෙසේ වෙතත් අප මීට පෙරද මෙම සිද්ධිය වාර්තා කරන ලද අතර එම සම්පූරණ සිද්ධිය පිලිබදව සියලු සාක්ෂි අප සතුව තිබියදීත් එසේ වාර්ත නොකළේ මාධ්‍ය සදාචාරයට එහා ගොසිනි. සාක්ෂි තිබේ නම් අප නම් ගම සහිතව පලකරන නමුත් යම් වරදකට වැරදිකරුවෙක් වන තෙක් ඔවුන් වැරදිකරුවන් ලෙස හංවඩු ගැසීම අප නොකරයි. නමුත් යමෙකු පුරසාරම් දොඩවමින් අප සතුව තිබෙන සාක්ෂි වලට අභියෝග කරන්නේ නම් ඒවා ප්‍රසිද්ධ කිරිමට අපට සිදු වේ. මේ ලිපියෙන් සිදුව තිබෙන්නේද එයමයි.

කොහොම උනත් අදාළ නිලධාරිනිය බන්ධනාගාරයේ වගකිව යුතු තනතුරක් දරන්නේ  කෙසේදැයි බන්ධනාගාර නිලධාරීන් ප්‍රශ්න කරති. තුෂාර උපුල්දෙණිය වන බන්ධනාගාර කොමසාරිස් යනු බන්ධනාගාර ඉතිහාසයේ බිහි වූ අවංක දක්ෂ නිලධාරියෙකු බවට අපට සහතික විය හැකිය. නමුත් දැන් ටිකෙන් ටික වෙනස් වන බවක් දක්නට තිබෙන බවද බන්ධනාගාරය තුලින්ම කසු කුසුවක් ඇසෙ. නමුත් ඔබගේ නාමය සැමදා රැක ගැනීම කළා යුත්තේ ඔබ විසින්ම බව අප අවසන් වශයෙන් සටහන් කෙරේ.

Exit mobile version