English
සිංහල
16:44 ඉරිදා, මැයි 11, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ජේෂ්ඨත්වය පාගා දමා කනිෂ්ඨයන් ඉදිරියට ආ රාජ්‍ය සේවය වැනසූ දූෂිත ක්‍රමය. ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියටත් පොදුය.

    NN. Niluka by NN. Niluka
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    ශ්‍රී ලංකාවේ රාජ්‍ය පරිපාලනය මෙන්ම අනෙකුත් ආයතන පාලනයේදී ජෙෂ්ඨත්වයට සහ සුදුසුකමට මුල් ස්ථානයක් ලබා නොදේ. මෙම දූෂිත ක්‍රමය ආරම්භ වන්නේ මහින්ද රාජපක්ෂ මහතා නවතම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හරහා තමන්ට අසීමිත බලයක් ලබා ගැනීමත් සමගය. එය සිදුවන්නේ 2006 න් පසුවය. මෙහිදී ජනාධිපතිවරයාගේ විධායක බලය රාජ්‍ය සේවයේ විධායක පන්තියටත් ලැබුණු බැවින් සමාජයේ අනාගත යහපැවැත්ම ගැන නොසිතු ඔවුන් එම ක්‍රමය තවමත් ක්‍රියාත්මක කරන්නේය. ජේෂ්ඨත්වය  පාගා දමා කනිෂ්ඨයන් ඉදිරියට පැමිණ බොහෝ ක්ෂේත්‍ර වල පැවැත්මට දැඩි ලෙස හානි සිදු කර තිබේ. ජේෂ්ඨත්වය  පාගා දමා කනිෂ්ඨයන් ඉදිරියට ගැනීම නීතිවිරෝදී වේ. මෙම ලිපිය එහි නීතිමය සහ සමාජ විද්‍යාත්මක තත්වය පිලිබදව ලියවෙන විග්‍රහයකි. 

    ජේෂ්ඨත්වය යනු සම්බන්ධීකරණයේ කෙන්ද්‍රස්තානයයි. ඔබත් එම සමාජ විද්‍යාත්මක සහ නීතියට අනුව නොකළ යුතු දේ බිඳ දමා , තනතුරු, ලකුණු සහ වරප්‍රසාධ  වෙනුවෙන් ඔබේ ආයතනය විනාශ කෙරූ අයෙක්ද?. ජේෂ්ඨත්වයට එරෙහිව ඉහල නිලධාරීන්ට කේලාම් කියා, සහ එසේ කේලාම් අසා ඔබත් ජේෂ්ඨත්වයට පහර ගැසුවේද?. එසේ නම් ඔබත් මන් පොර ජාතකය දෙසා , තමන් පොරක් යයි කියාගන්නා මන්ද මානසික රෝගයකින් පෙලෙන මිනිසෙකි. වැඩ බැරි ටාසන් කෙනෙකි. ඔබ වෛරය, ක්‍රෝධය , තරහව, ඊර්ෂ්‍යාව සමාජ ගත කල පුද්ගලයෙකි. ශ්‍රී ලංකාව නැවත නගා සිටුවීමට නම් කේලාම් ඇසීමත්, කේලම් කීමත් නුසුදුසු පුද්ගලයන්ට හිමි නැති දේ දීමේ ක්‍රමය වහාම නතර කල යුතුය.    එසේම ශ්‍රී ලංකාවේ බොහෝ රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් වන්නේද දේශපාලන අතකොලු වූ නිලධාරීන්ය. අධ්‍යක්ෂක ජනරාල්වරු, සභාපතිවරු ආදී පත්කරගන්නේ දේශපාලන වුවමනාවන් මත හැර කිසිම දැනුමකින් නොවේ. තවද රාජ්‍ය ආයතනවල මෙන්ම පොලීසිය ඇතුළු ත්‍රිවිධ හමුදාවේද සාමාන්‍ය සෙබලාගේ සිට ඉහලම නිලධාරියා දක්වාම උසස්වීම් ලබා දීමේ ක්‍රමවේදයන් දූශිතවන අතර ත්‍රිවිධ හමුදාවේ උසස්වීම් ලබාදීමේදී හමුදා නීතිය අමු අමුවේම උල්ලංඝනය කරන බව මෙම ක්‍රමය තුලින් දක්නට තිබේ.

    දියෙන් කිර

    වෙන් කරන විලසට,

    හොඳද නරකද

    හොදින් වෙන් කොට,

    වෙනස් කරනුව

    සංස්කෘතියම….!!!!

    බොහෝ ආයතන තුල ජේෂ්ඨත්වය පාගා දමා , තනතුරු, වරදාන සහ වරප්‍රසාධ වෙනුවෙන් තම පැවැත්ම මෙන්ම, ආයතන තුල මෙන්ම සමාජය තුලට පවා වැරදි පූර්වාදර්ශ ඉදිරිපත් කරමින් සමාජ විනාශය කරනා මිනිසුන් විසාල වශයෙන් බිහිවෙමින් සිටිති. සත්‍ය වශයෙන්ම ගත් විට ජේෂ්ඨත්වය යනු ඕනෑම සේවා ස්ථානයක එක මොහොතක් හෝ වැඩියෙන් වාසය කල සේවකයාය. ආයතන සංග්‍රහය ඇතුළු බොහෝ නීති පෙන්වා දෙනුයේ, සියලු වගකීම් ලබා දිය යුත්තේ ජේෂ්ඨත්වය මත පදනම්ව බවය. එය එසේ නොවන විට එම ආයතනය දිනෙන් දින පිරිහීමට ලක් වන අතර , කර්යක්ෂමතාවය මත ජේෂ්ඨත්වය ඉහලට නොගත යුතු බව නඩු තීන්දු වලින් පවා පෙන්වා දී ඇති අතර , ඇත්ත වශයෙන්ම විනයානුකූල හේතු නොමැත්තේ නම් , උසස් වීම් සහ වගකීම්  ලබා දීම පවා සිදු විය යුත්තේ ජෙෂ්ඨත්වය මත පමණක් බව පෙන්වා දී තිබේ. එය එසේ සිදු නොවන විට , තවත් නීති, රීති රාශියක් බිඳ වැටී විවිධ අයුරින් එම ආයතනයන් බිඳ වැටීමට ලක් වේ. 

    සමාජීය පසුබිම ආයතයක ස්වභාවය.

    සමහර සේවා ස්ථානවල වැඩ කරන පුද්ගලයෝ  ජීවිතයේ වැඩි කාලයක් රැඳී සිටියා නම් එයින් කියවෙන සත්‍යය නම් එම පුද්ගලයාට  එම ආයතනය තුලින් ලැබිය යුතු ප්‍රතිලාභ වඩා හොඳ වනු ඇති බවයි. මෙය ජේෂ්ඨත්වය ලෙස හැඳින්වෙන අතර, ප්‍රතිලාභ අතර  අමතර ගෙවන නිවාඩුවේ සිට හොඳම මාරුවීම් සහ අතිකාල ඇමතුම් දක්වා විය හැකිය. ජේෂ්ඨත්වය  දිගු කලක් සේවය කරන සේවකයින්ට ප්‍රතිලාභ ලබා දීමට ක්‍රමයක් සපයන නමුත් විචාරකයින් තර්ක කරන්නේ එතුලින් පද්ධතියට වැඩි දියුණු කිරීමක් අවශ්‍ය බවයි. එයට හේතුව එය මිනිසුන්ගේ දීර්ගායුෂ මත පදනම් ව ලැබෙන විපාකයක් මිස  මිස කුසලතා අනුව ලැබෙන දෙයක් නොවන බැවිනි.

    ඕනෑම සංවිධානයකට ජේෂ්ඨත්වය  මත පදනම්ව මිනිසුන්ටප්‍රතිලාභ ලබා දිය හැකි නමුත් එහි සංකල්පය වනුයේ වෘත්තීය සමිතිවාදයේ පාදමකි. වෘත්තීය සමිති නියෝජනය කරන සේවා ස්ථානයක, ජේෂ්ඨත්වය යටතේ සේවකයින් සම්බන්ධයෙන් ගනු ලබන බොහෝ තීරණ වලට යටත් වේ. නිදසුනක් වශයෙන්, වැඩ කරන වේලාවන්, නිවාඩු කාලය, වැටුප්, අතිකාල වෙන් කර ඇති ආකාරය, කැමති මාරුවීම් සහ වෙනත් ප්‍රතිලාභ පිළිබඳ තීරණ වෘත්තීය සමිතිය විසින් සාකච්ඡා කරනු ඇති අතර, වෘත්තීය සමිති නව, වඩා කනිෂ්ඨ සේවකයින්ට වඩා දිගු කාලීන ජේෂ්ඨ සේවකයින්ට වාසිය ලබා දෙයි. ඓතිහාසික වශයෙන්, බොහෝ කනිෂ්ඨ වෘත්තීය සමිති කම්කරුවන් පුද්ගලිකව ප්‍රතිලාභ නොලබන නමුත් ජේෂ්ඨත්ව නීතිය සාධාරණ යැයි පිළිගෙන ඇත. එයට හේතුව නව සේවකයින් යම් දිනෙක පැරණි-කාලීන සේවකයින් බවට පත්වනු ඇති අතර, එම අවස්ථාවේදී ඔවුන් ජේෂ්ඨ  තත්වයේ  ඵල නෙළා ගනු ඇත. සෑම කෙනෙකුම තම වෘත්තියේ යම් අවස්ථාවක දී ජේෂ්ඨත්වය භුක්ති විඳින බැවින් ජේෂ්ඨත්වය මත පදනම්ව තීරණ ගැනීමේ පද්ධතිය සාධාරණ ප්‍රමිතියක් ලෙස සැලකේ. 

    ජේෂ්ඨත්වය ක්‍රමය නීත්‍යානුකූලද?

    එය ද සමහර අවස්තා වලදී වෘත්තිය සමිති වලට අනුව සිදු වෙයි. තනතුරක් විවෘත වන සෑම අවස්ථාවකදීම ලොක්කා පවුලේ සාමාජිකයෙකුට අනුග්‍රහය දැක්වීම, ලොක්කගේ දූෂිත ක්‍රියාවලට සම්බන්ද වීම, ලොක්කා සමග එක්ව දූෂිත ක්‍රියා සිදු කිරීම,  වැනි සේවා යෝජකයාගේ අපයෝජනයන්ගෙන් සේවකයින් ආරක්ෂා කිරීම මෙහි නීතිමය අරමුණයි. එසේම, ජේෂ්ඨ  ක්‍රමය මඟින් ආයතනය සමඟ දීර්ඝ කාලයක් සේවය කර ඇති අයට පමණක් යම් වැඩ ප්‍රතිලාභ ලබා ගැනීම එයින් වලක්වන්නේ නැත. එය අනෙක් කම්කරුවන්ටද ලබා දීමෙන් වළක්වන්නේ නැත.  ජේෂ්ඨත්වය සමහරුන්ට වෙනස් කොට සැලකීමක් ලෙස පෙනෙන්නට තිබුණද, ප්‍රතිපත්තියක් ලෙස එය නීතිමය වන අතර ව්‍යාතිරේකය වනුයේ  ස්ත්‍රී/පුරුෂ ජාතිය , අගම, වයස සහ වෙනත් , ආරක්ෂිත පංති පදනම් කරගෙන වෙනස්කම් කිරීමට හේතු වන පරිදි ජේෂ්ඨත්වය ක්‍රියාත්මක කිරීම වේ. 

    වාසි 

    සේවා ස්ථානයේ ජේෂ්ඨත්වය, බොහෝ විට පුද්ගලයාගේ සහ සමාගමේ සාර්ථකත්වයට වැදගත් කාර්යභාරයක් ඉටු කළ හැකිය. ජේෂ්ඨ කාර්ය මණ්ඩලය යනු හැකියාවන්ගෙන් සමන්විත සංවිධානයේ කාර්යක්ෂමතාවය වැඩි දීයුණු කල හැකි පුහුණු ශ්‍රමිකයන් වේ. කනිෂ්ඨ කාර්ය මණ්ඩලය යනු මූලික වශයෙන්ම ඊ ලග නායකයින් වන අතර ඔවුන්ද නිදහස් සහ පුහුණු සම්පතකි. ජේෂ්ඨත්ව කාර්ය මණ්ඩලය ඔවුන්ගේ දැනුම ඊ ලඟ පරපුරට ලබා දෙයි. 

    රැකියා සුරක්ෂිතභාවය.

    ජේෂ්ඨත්ව රීතිය අත්කර ගත් අය සේවයෙන් පහ කිරීමෙන් ආරක්ෂා කරයි. පක්ෂපාතීත්වය වැඩි ජේෂ්ඨත්ව පද්ධතියක මූලික වාසියක් වන්නේ එය කම්කරුවන්ගේ පක්ෂපාතිත්වය වැඩි කිරීමයි. ඔවුන් සමාගම සමඟ රැඳී සිටින්නේ නම්, ඔවුන්ට වඩා හොඳ වැටුප් හා උසස්වීම් අවස්ථා ලබා ගත හැකි බව සේවකයන් හඳුනා ගනී. සමාගම සඳහා, මෙය අඩු කාර්ය මණ්ඩල පිරිවැටුමක් සහ ඒ හා සම්බන්ධ සියලු ආදේශන පිරිවැය හේතු විය යුතුය.

    පුරෝකථනය කිරීමේ හැකියාව.

    සමහර කම්කරුවන්ට ඊළඟ වැටුප් වැඩිවීම සහ උසස්වීම ලැබෙන්නේ කොහෙන්දැයි දැන ගැනීමට අවශ්‍ය වන අතර ඔවුන්ට ජේෂ්ඨත්ව ක්‍රමය දේව වරප්‍රසාධයක් විය හැකිය.  සෑම වසරකම ඔබේ වැටුප සහ ප්‍රතිලාභ ඉහළ යන බව දැන ගැනීම මෙම සාපේක්ෂ පුරෝකථනය සඳහා අයවැය ඉදිරිපත් කරන බොහෝ දෙනෙකුට සහනයක් වේ. 

    ජේෂ්ඨත්වය යනු සම්බන්ධීකරණයේ කේන්ද්‍රස්ථානයක් ලෙස ‘මුලිකවම’ හඳුන්වා දිය හැකිය. එය සැලකිය යුතු හේතු මත සාධාරණීකරණය කළ නොහැකි වුවද, මෙම අර්ථයෙන් ගත් කල, කාර්ය පටිපාටික හේතු මත ජේෂ්ඨත්වයට  නීති පැනවිය හැකිය. ජේෂ්ඨත්වය  පිළිගැනීමේ ෙඵතිහාසික ක්‍රියාවලිය සම්බන්ධ වන්නේ බහු සමතුලිතතාවයේ තත්වය තුළ සමතුලිතතාවයක් තෝරා ගැනීම හා සම්බන්ධ වෙමින් වන අතර එය සාමාන්‍යයෙන් ෙඵතිහාසික, දේශපාලන, ආයතනික, සංස්කෘතික වැනි විවිධ සාධක මගින් බලපෑම් ඇති කරයි.

    සමාජය දෙශ මෙන්ම , රාජය ආයතන මෙන්ම පවුද්ගලික ආයතන  දෙස බලන විටද, නීතිවිරෝදී ලෙස කාර්යක්ෂමතා නීති සහ රෙගුලාශි  සකස් කර, ඒවා තුලින් ජේෂ්ඨත්වය පසෙකට දමා , උපක්‍රමශීලීව කනිෂ්ඨ නිලදාරීන් උසස් කර , තනතුරු වල පිහිටවන බව දක්නට ලැබේ. තමන්ට හිතවත් නිලදාරීන් , විවිද උපක්‍රම ඔස්සේ ඉදිරියට ගනිමින් , ජේෂ්ට මෙන්ම , දක්ෂ නිලදාරීන් පාගා දමා , තනතුරු , වරප්‍රසාද බුක්ති විදින දේශයක උරුමක්කරුවන් වන ශ්‍රී  ලාංකිකයින්ගේ ඉරණම ඛේදනීය ලෙස විනාශ වෙමින් තිබෙන බව මා මාගේ මුහුනුපොතේ සදහන් කර තිබෙන්නේ 2021 පෙබරවාරි මස 16 වැනි දිනය.

    අද යුග පුරුෂයින් ලෙස සිතා  සිටින බොහෝ පාවා දෙන්නන් විසින් , හෙට දරු  පරපුර විනාශ  කරමින් සිංහයින් සේ ජීවත් වෙන්නේ ඔවුන් නිවැරදි යයි  උපකල්පනය කරමිනි. අදක්ෂයින් වන ඔවුන් , ඉදිරියට යාම සදහා තම බිරින්දා වරු වුවද පාවා දෙන අතර , ඔවුන් තම දෙමාපියනට හෝ සලකන විශිෂ්ඨ මිනිසුන් නොව බව, කළගුණ දත් පුරවැසියන් නොවන බවද ඔවුන්, ගෞරවාන්විත මිනිසුන් නොවන බවද සමාජ විද්‍යාත්මකව මෙන්ම සදාචාර සම්පන්න ලෙසද ඔප්පු කර තිබේ. කපටිකම, විලිලජ්ජාවක් නොමැති ඔවුන් හා එකතුව සිටින්නේද එවන්නවුන්ම වන බැවින්, මෙම තත්වය වඩාත් භයානක වන අතර ඔවුන් සියල්ලෝම එකතුව ඒවා සාදාරනීකරණය කරයි. ඔවුනොවුන්ම එකතුව ඔවුන්ගේ ක්‍රමය නිවැරදි බවට සාදක එකතු කරන අතර, අවස්තාව ලද විගස හීන් නූලෙන් තම හිතවතා පමණක් නොව , තමන් ඉහලට ගත් විධායක නිලදාරීන් පවා පාවා දීමට තරම් ඔවුන්ගේ අශික්ඛිත හැසිරීම සමාජයට ලබා දෙන්නේ දැඩි හානියකි. 

    එහෙත් ඔවුන්ගේ හෘද සාක්ෂිය පිලිබඳව ඔවුන් විසින්ම විමසනු ඇත. ඔබ විනාශ කල බොහෝ දේ නැවත ආපසු හැරවිය නොහැකි බව. බොහෝ නිලදාරීන් තම උසස් නිලදාරීන්ට අල්ලස් ලබා දෙමින්, කාන්තාවන් සපයමින්, ගෙවල් වල වැඩ කරමින්, ඔවුන්ගේ  පුද්ගලික වැඩ කරමින් , අනෙක් ජේෂ්ඨයන්ගේ නැති වැරදි පෙන්වා දෙමින්, කේලම් කියමින්, කොටවමින්, විවිද අයුරින් තම ආත්මාර්ථකාමී ඉලක්කයන් සපුරා ගනිමින් සිටිති. බොහෝ නිලදාරීන් ඒවා  සපුරාගෙන සිටින අතර, ඔවුන් වැනිම මිනිසුන් නිසාම තම ආයතන බිඳ වැටෙමින් තිබෙන බව තේරුම් ගනීමට වත් නොහැකි ඔවුන්ගේ අධ්‍යාපන අදක්ෂ භාවය ඉහලින්ම තිබේ. ඔවුන් සමාජය විනාශ කල , අදක්ෂයින් විනා දක්ෂයින් නොවේ.  මෙය කියවන ඔබත් එසේ කල හෝ එසේ කිරීමට හැකි ලෙස නීති සැකසු පුද්ගලයෙක්ද බලන්න. ඔබ එය ගැබුරින් අධ්‍යයනය කලේ නම් සමාජ , ආර්ථික හෝ දේශපාලන වශයෙන් , සමාජය ආරක්ෂා කිරීමට ඔවුන් බාධාවක්ව ඇති සැටි ඉතාම හොඳින් අවබෝධ වනු ඇත. 

    එම නිසා ඔබ කිසිම දිනක , ඔබට වඩා එක් දිනක් හෝ ඉදිරියෙන් සිටින , ඔබට පෙර ආයතනයට බැදුණු සේවකයින් කපා , කොටා දමා ඉදිරියට නොයන්න. ඔබ ඔබටම පහනක් වී ඇති බව ඔබට පෙනුනද, ඔබ වැරදි පූර්වදාර්ශයක් සමාජ ගත කර , එම ආයතනය විනාශ කල පරපුරේම , තවත් අයෙකු වනු ඇත. එය ආත්ම ගණනාවකටවත් ඔබට ගෙවා ගත නොහැකි පාපයකි. එසේම , ඔබ තිරිසන් සතෙකුටත් වඩා පහත් පුද්ගලයෙකු වන අතර, එය සමාජය විසින්ම කතිකාවතක් ගොඩ නගයි. “ඔබ නිසි ලෙස පීදීමට ලක් නොවුණු බව” ඔබගේ හදවත දන්නා බැවින්, “මැදින් පීදුණු මල් නිසා සමස්ත ශාකයම ඉක්මනිනේ අවසන් වන්නා සේ”, ඔබේ ජීවිතයද , ලෙඩ දුක් වලින් පිරී යන්නේ , අන් කිසිවක් නිසා නොව, ඔබ විනාස කල සමාජයේ මිනිසුන්ගේ සාපයන් වල බලපෑමෙනි. ඔබ ආයතනයකින් නික්ම යන විට “ මා ගෞරවනීය ලෙස ඔබේ ආයතනයෙන් සමුගනිමි. මා හෙට සිට අහවල් ආයතනයේ සේවය කරමි”  බොහෝ දෙනෙකු තම ගරුත්වය ගැන කතා කලද , සැබවින්ම තමා ගරුත්වයක් ලැබෙන ලෙස කටයුතු කලේද යන්න මතක් වනුයේ කාලයක් ගිය පසුවය. සැබවින්ම විදයානුකූලවත් , අචාර සමාචාර ලෙසත් , නීත්‍යානුකූල ලෙසත් ඔබ වැරදි කරුවෙක් වනුයේ , බොහෝ කල් ගිය පසුවය. එවිට , ඔබව ඔබගේ හෘද සාක්ෂිය ඔබව නොමරා මරනු ඇත. එබැවින් ඔබ ගෞරවාන්විත , යථාර්ථවදී සේවකයෙකු වන්න. 

    ශ්‍රී නිශ්ශංක මායාදුන්නේ විසිනි

    Tags: විශේෂාංග
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ.

    මාර්තු 15, 2024
    ආගමික

    ශ්‍රී පාදෙ ගිය රස්තියාදුකාර තරුණයෝ 23 ක් අත් අඩංගුවට!.

    පෙබරවාරි 23, 2024
    අධ්‍යාපන

    රනිල්ගේ හිඟා කෑම සහ ගැට නොවැටීම!. ජනපතිට නැවත ජනපති විය නොහැක!

    පෙබරවාරි 16, 2024
    රාජ්‍ය පරිපාලන

    රත්නපුරේ ඇමතිට එරෙහිව ගම්පොළ මහජන විරෝධයක් !

    පෙබරවාරි 16, 2024
    විදේශීය පුවත්

    ”CEYONESE CRAB ” සිංගප්පූරුවට ශ්‍රී ලාංකේය ආහාර කලාව හඳුන්වා දෙයි.

    පෙබරවාරි 4, 2024
    පුරාවිද්‍යා

    මහා විජයබාහුගේ සටන් බිම මානාවුළුපුර

    ජනවාරි 4, 2024
    විශේෂාංග

    පී. චන්ද්‍රසේකරන් මහතා වෙනුවෙන් ගුණානුස්මරන උළෙලක්

    දෙසැම්බර් 31, 2023
    ආරක්ෂක අමාත්‍යාංශය

    විශ්‍රාමික හමුදා නිලධාරියෙක් තනතුරුවලට පත්කිරීමේ භයානක කම සහ ආරක්ෂක ලේඛම්ගේ අයහපත් හැසිරීම.

    දෙසැම්බර් 30, 2023
    විශේෂාංග

    නැවත සොයා ගත් ” මොනාලිසා “

    දෙසැම්බර් 29, 2023
    තරුණ සහ ප්‍රජා පුවත්

    ඉලක්කයක්, දැක්මක්, කැපකිරීමක් නැති අපේ තරුණයන්ට, අපේ තරුණයෙක්ගෙන්ම පාඩමක්

    දෙසැම්බර් 22, 2023
    Select කාණ්ඩය
      • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
      • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
      • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
      • දුම්රියක් පීලි පනී.
      • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
      • පුවක් අපනයන බෝගයක් කරයි.
      • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
      • හෙටත් මුළු රටම රත් වෙයි.
      • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
      • ලංගම බස් රථයක් පෙරළෙයි.
      • මුල් පිටුව
      • විදේශීය පුවත්
      • රාජ්‍ය පරිපාලන
      • තරුණ සහ ප්‍රජා පුවත්
      • පාරිසරික
      • අධ්‍යාපන
      • විශේෂාංග
      • කාන්තා අතිරේකය
      • ක්‍රීඩා සහ විනෝදාංශ
      • අප ගැන
      • News Archive
      • Ravana Video gallery
      Call us: +94710866060

      © 2021 රාවණා ලංකා.

      • EnglishEnglish
      No Result
      View All Result
      • මුල් පිටුව
      • විදේශීය පුවත්
      • රාජ්‍ය පරිපාලන
        • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
        • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
      • තරුණ සහ ප්‍රජා පුවත්
      • පාරිසරික
      • අධ්‍යාපන
        • නිති අධ්‍යාපනය
        • උසස් පෙළ
      • විශේෂාංග
      • කාන්තා අතිරේකය
      • ක්‍රීඩා සහ විනෝදාංශ
      • අප ගැන
      • News Archive
      • Ravana Video gallery

      © 2021 රාවණා ලංකා.

      Login to your account below

      Forgotten Password?

      Fill the forms bellow to register

      *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
      All fields are required. Log In

      Retrieve your password

      Please enter your username or email address to reset your password.

      Log In
      This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
      ×
      Go to mobile version