ජේෂ්ඨත්වය පාගා දමා කනිෂ්ඨයන් ඉදිරියට ආ රාජ්‍ය සේවය වැනසූ දූෂිත ක්‍රමය. ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියටත් පොදුය.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය පරිපාලනය මෙන්ම අනෙකුත් ආයතන පාලනයේදී ජෙෂ්ඨත්වයට සහ සුදුසුකමට මුල් ස්ථානයක් ලබා නොදේ. මෙම දූෂිත ක්‍රමය ආරම්භ වන්නේ මහින්ද රාජපක්ෂ මහතා නවතම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හරහා තමන්ට අසීමිත බලයක් ලබා ගැනීමත් සමගය. එය සිදුවන්නේ 2006 න් පසුවය. මෙහිදී ජනාධිපතිවරයාගේ විධායක බලය රාජ්‍ය සේවයේ විධායක පන්තියටත් ලැබුණු බැවින් සමාජයේ අනාගත යහපැවැත්ම ගැන නොසිතු ඔවුන් එම ක්‍රමය තවමත් ක්‍රියාත්මක කරන්නේය. ජේෂ්ඨත්වය  පාගා දමා කනිෂ්ඨයන් ඉදිරියට පැමිණ බොහෝ ක්ෂේත්‍ර වල පැවැත්මට දැඩි ලෙස හානි සිදු කර තිබේ. ජේෂ්ඨත්වය  පාගා දමා කනිෂ්ඨයන් ඉදිරියට ගැනීම නීතිවිරෝදී වේ. මෙම ලිපිය එහි නීතිමය සහ සමාජ විද්‍යාත්මක තත්වය පිලිබදව ලියවෙන විග්‍රහයකි. 

ජේෂ්ඨත්වය යනු සම්බන්ධීකරණයේ කෙන්ද්‍රස්තානයයි. ඔබත් එම සමාජ විද්‍යාත්මක සහ නීතියට අනුව නොකළ යුතු දේ බිඳ දමා , තනතුරු, ලකුණු සහ වරප්‍රසාධ  වෙනුවෙන් ඔබේ ආයතනය විනාශ කෙරූ අයෙක්ද?. ජේෂ්ඨත්වයට එරෙහිව ඉහල නිලධාරීන්ට කේලාම් කියා, සහ එසේ කේලාම් අසා ඔබත් ජේෂ්ඨත්වයට පහර ගැසුවේද?. එසේ නම් ඔබත් මන් පොර ජාතකය දෙසා , තමන් පොරක් යයි කියාගන්නා මන්ද මානසික රෝගයකින් පෙලෙන මිනිසෙකි. වැඩ බැරි ටාසන් කෙනෙකි. ඔබ වෛරය, ක්‍රෝධය , තරහව, ඊර්ෂ්‍යාව සමාජ ගත කල පුද්ගලයෙකි. ශ්‍රී ලංකාව නැවත නගා සිටුවීමට නම් කේලාම් ඇසීමත්, කේලම් කීමත් නුසුදුසු පුද්ගලයන්ට හිමි නැති දේ දීමේ ක්‍රමය වහාම නතර කල යුතුය.    එසේම ශ්‍රී ලංකාවේ බොහෝ රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් වන්නේද දේශපාලන අතකොලු වූ නිලධාරීන්ය. අධ්‍යක්ෂක ජනරාල්වරු, සභාපතිවරු ආදී පත්කරගන්නේ දේශපාලන වුවමනාවන් මත හැර කිසිම දැනුමකින් නොවේ. තවද රාජ්‍ය ආයතනවල මෙන්ම පොලීසිය ඇතුළු ත්‍රිවිධ හමුදාවේද සාමාන්‍ය සෙබලාගේ සිට ඉහලම නිලධාරියා දක්වාම උසස්වීම් ලබා දීමේ ක්‍රමවේදයන් දූශිතවන අතර ත්‍රිවිධ හමුදාවේ උසස්වීම් ලබාදීමේදී හමුදා නීතිය අමු අමුවේම උල්ලංඝනය කරන බව මෙම ක්‍රමය තුලින් දක්නට තිබේ.

දියෙන් කිර

වෙන් කරන විලසට,

හොඳද නරකද

හොදින් වෙන් කොට,

වෙනස් කරනුව

සංස්කෘතියම….!!!!

බොහෝ ආයතන තුල ජේෂ්ඨත්වය පාගා දමා , තනතුරු, වරදාන සහ වරප්‍රසාධ වෙනුවෙන් තම පැවැත්ම මෙන්ම, ආයතන තුල මෙන්ම සමාජය තුලට පවා වැරදි පූර්වාදර්ශ ඉදිරිපත් කරමින් සමාජ විනාශය කරනා මිනිසුන් විසාල වශයෙන් බිහිවෙමින් සිටිති. සත්‍ය වශයෙන්ම ගත් විට ජේෂ්ඨත්වය යනු ඕනෑම සේවා ස්ථානයක එක මොහොතක් හෝ වැඩියෙන් වාසය කල සේවකයාය. ආයතන සංග්‍රහය ඇතුළු බොහෝ නීති පෙන්වා දෙනුයේ, සියලු වගකීම් ලබා දිය යුත්තේ ජේෂ්ඨත්වය මත පදනම්ව බවය. එය එසේ නොවන විට එම ආයතනය දිනෙන් දින පිරිහීමට ලක් වන අතර , කර්යක්ෂමතාවය මත ජේෂ්ඨත්වය ඉහලට නොගත යුතු බව නඩු තීන්දු වලින් පවා පෙන්වා දී ඇති අතර , ඇත්ත වශයෙන්ම විනයානුකූල හේතු නොමැත්තේ නම් , උසස් වීම් සහ වගකීම්  ලබා දීම පවා සිදු විය යුත්තේ ජෙෂ්ඨත්වය මත පමණක් බව පෙන්වා දී තිබේ. එය එසේ සිදු නොවන විට , තවත් නීති, රීති රාශියක් බිඳ වැටී විවිධ අයුරින් එම ආයතනයන් බිඳ වැටීමට ලක් වේ. 

සමාජීය පසුබිම ආයතයක ස්වභාවය.

සමහර සේවා ස්ථානවල වැඩ කරන පුද්ගලයෝ  ජීවිතයේ වැඩි කාලයක් රැඳී සිටියා නම් එයින් කියවෙන සත්‍යය නම් එම පුද්ගලයාට  එම ආයතනය තුලින් ලැබිය යුතු ප්‍රතිලාභ වඩා හොඳ වනු ඇති බවයි. මෙය ජේෂ්ඨත්වය ලෙස හැඳින්වෙන අතර, ප්‍රතිලාභ අතර  අමතර ගෙවන නිවාඩුවේ සිට හොඳම මාරුවීම් සහ අතිකාල ඇමතුම් දක්වා විය හැකිය. ජේෂ්ඨත්වය  දිගු කලක් සේවය කරන සේවකයින්ට ප්‍රතිලාභ ලබා දීමට ක්‍රමයක් සපයන නමුත් විචාරකයින් තර්ක කරන්නේ එතුලින් පද්ධතියට වැඩි දියුණු කිරීමක් අවශ්‍ය බවයි. එයට හේතුව එය මිනිසුන්ගේ දීර්ගායුෂ මත පදනම් ව ලැබෙන විපාකයක් මිස  මිස කුසලතා අනුව ලැබෙන දෙයක් නොවන බැවිනි.

ඕනෑම සංවිධානයකට ජේෂ්ඨත්වය  මත පදනම්ව මිනිසුන්ටප්‍රතිලාභ ලබා දිය හැකි නමුත් එහි සංකල්පය වනුයේ වෘත්තීය සමිතිවාදයේ පාදමකි. වෘත්තීය සමිති නියෝජනය කරන සේවා ස්ථානයක, ජේෂ්ඨත්වය යටතේ සේවකයින් සම්බන්ධයෙන් ගනු ලබන බොහෝ තීරණ වලට යටත් වේ. නිදසුනක් වශයෙන්, වැඩ කරන වේලාවන්, නිවාඩු කාලය, වැටුප්, අතිකාල වෙන් කර ඇති ආකාරය, කැමති මාරුවීම් සහ වෙනත් ප්‍රතිලාභ පිළිබඳ තීරණ වෘත්තීය සමිතිය විසින් සාකච්ඡා කරනු ඇති අතර, වෘත්තීය සමිති නව, වඩා කනිෂ්ඨ සේවකයින්ට වඩා දිගු කාලීන ජේෂ්ඨ සේවකයින්ට වාසිය ලබා දෙයි. ඓතිහාසික වශයෙන්, බොහෝ කනිෂ්ඨ වෘත්තීය සමිති කම්කරුවන් පුද්ගලිකව ප්‍රතිලාභ නොලබන නමුත් ජේෂ්ඨත්ව නීතිය සාධාරණ යැයි පිළිගෙන ඇත. එයට හේතුව නව සේවකයින් යම් දිනෙක පැරණි-කාලීන සේවකයින් බවට පත්වනු ඇති අතර, එම අවස්ථාවේදී ඔවුන් ජේෂ්ඨ  තත්වයේ  ඵල නෙළා ගනු ඇත. සෑම කෙනෙකුම තම වෘත්තියේ යම් අවස්ථාවක දී ජේෂ්ඨත්වය භුක්ති විඳින බැවින් ජේෂ්ඨත්වය මත පදනම්ව තීරණ ගැනීමේ පද්ධතිය සාධාරණ ප්‍රමිතියක් ලෙස සැලකේ. 

ජේෂ්ඨත්වය ක්‍රමය නීත්‍යානුකූලද?

එය ද සමහර අවස්තා වලදී වෘත්තිය සමිති වලට අනුව සිදු වෙයි. තනතුරක් විවෘත වන සෑම අවස්ථාවකදීම ලොක්කා පවුලේ සාමාජිකයෙකුට අනුග්‍රහය දැක්වීම, ලොක්කගේ දූෂිත ක්‍රියාවලට සම්බන්ද වීම, ලොක්කා සමග එක්ව දූෂිත ක්‍රියා සිදු කිරීම,  වැනි සේවා යෝජකයාගේ අපයෝජනයන්ගෙන් සේවකයින් ආරක්ෂා කිරීම මෙහි නීතිමය අරමුණයි. එසේම, ජේෂ්ඨ  ක්‍රමය මඟින් ආයතනය සමඟ දීර්ඝ කාලයක් සේවය කර ඇති අයට පමණක් යම් වැඩ ප්‍රතිලාභ ලබා ගැනීම එයින් වලක්වන්නේ නැත. එය අනෙක් කම්කරුවන්ටද ලබා දීමෙන් වළක්වන්නේ නැත.  ජේෂ්ඨත්වය සමහරුන්ට වෙනස් කොට සැලකීමක් ලෙස පෙනෙන්නට තිබුණද, ප්‍රතිපත්තියක් ලෙස එය නීතිමය වන අතර ව්‍යාතිරේකය වනුයේ  ස්ත්‍රී/පුරුෂ ජාතිය , අගම, වයස සහ වෙනත් , ආරක්ෂිත පංති පදනම් කරගෙන වෙනස්කම් කිරීමට හේතු වන පරිදි ජේෂ්ඨත්වය ක්‍රියාත්මක කිරීම වේ. 

වාසි 

සේවා ස්ථානයේ ජේෂ්ඨත්වය, බොහෝ විට පුද්ගලයාගේ සහ සමාගමේ සාර්ථකත්වයට වැදගත් කාර්යභාරයක් ඉටු කළ හැකිය. ජේෂ්ඨ කාර්ය මණ්ඩලය යනු හැකියාවන්ගෙන් සමන්විත සංවිධානයේ කාර්යක්ෂමතාවය වැඩි දීයුණු කල හැකි පුහුණු ශ්‍රමිකයන් වේ. කනිෂ්ඨ කාර්ය මණ්ඩලය යනු මූලික වශයෙන්ම ඊ ලග නායකයින් වන අතර ඔවුන්ද නිදහස් සහ පුහුණු සම්පතකි. ජේෂ්ඨත්ව කාර්ය මණ්ඩලය ඔවුන්ගේ දැනුම ඊ ලඟ පරපුරට ලබා දෙයි. 

රැකියා සුරක්ෂිතභාවය.

ජේෂ්ඨත්ව රීතිය අත්කර ගත් අය සේවයෙන් පහ කිරීමෙන් ආරක්ෂා කරයි. පක්ෂපාතීත්වය වැඩි ජේෂ්ඨත්ව පද්ධතියක මූලික වාසියක් වන්නේ එය කම්කරුවන්ගේ පක්ෂපාතිත්වය වැඩි කිරීමයි. ඔවුන් සමාගම සමඟ රැඳී සිටින්නේ නම්, ඔවුන්ට වඩා හොඳ වැටුප් හා උසස්වීම් අවස්ථා ලබා ගත හැකි බව සේවකයන් හඳුනා ගනී. සමාගම සඳහා, මෙය අඩු කාර්ය මණ්ඩල පිරිවැටුමක් සහ ඒ හා සම්බන්ධ සියලු ආදේශන පිරිවැය හේතු විය යුතුය.

පුරෝකථනය කිරීමේ හැකියාව.

සමහර කම්කරුවන්ට ඊළඟ වැටුප් වැඩිවීම සහ උසස්වීම ලැබෙන්නේ කොහෙන්දැයි දැන ගැනීමට අවශ්‍ය වන අතර ඔවුන්ට ජේෂ්ඨත්ව ක්‍රමය දේව වරප්‍රසාධයක් විය හැකිය.  සෑම වසරකම ඔබේ වැටුප සහ ප්‍රතිලාභ ඉහළ යන බව දැන ගැනීම මෙම සාපේක්ෂ පුරෝකථනය සඳහා අයවැය ඉදිරිපත් කරන බොහෝ දෙනෙකුට සහනයක් වේ. 

ජේෂ්ඨත්වය යනු සම්බන්ධීකරණයේ කේන්ද්‍රස්ථානයක් ලෙස ‘මුලිකවම’ හඳුන්වා දිය හැකිය. එය සැලකිය යුතු හේතු මත සාධාරණීකරණය කළ නොහැකි වුවද, මෙම අර්ථයෙන් ගත් කල, කාර්ය පටිපාටික හේතු මත ජේෂ්ඨත්වයට  නීති පැනවිය හැකිය. ජේෂ්ඨත්වය  පිළිගැනීමේ ෙඵතිහාසික ක්‍රියාවලිය සම්බන්ධ වන්නේ බහු සමතුලිතතාවයේ තත්වය තුළ සමතුලිතතාවයක් තෝරා ගැනීම හා සම්බන්ධ වෙමින් වන අතර එය සාමාන්‍යයෙන් ෙඵතිහාසික, දේශපාලන, ආයතනික, සංස්කෘතික වැනි විවිධ සාධක මගින් බලපෑම් ඇති කරයි.

සමාජය දෙශ මෙන්ම , රාජය ආයතන මෙන්ම පවුද්ගලික ආයතන  දෙස බලන විටද, නීතිවිරෝදී ලෙස කාර්යක්ෂමතා නීති සහ රෙගුලාශි  සකස් කර, ඒවා තුලින් ජේෂ්ඨත්වය පසෙකට දමා , උපක්‍රමශීලීව කනිෂ්ඨ නිලදාරීන් උසස් කර , තනතුරු වල පිහිටවන බව දක්නට ලැබේ. තමන්ට හිතවත් නිලදාරීන් , විවිද උපක්‍රම ඔස්සේ ඉදිරියට ගනිමින් , ජේෂ්ට මෙන්ම , දක්ෂ නිලදාරීන් පාගා දමා , තනතුරු , වරප්‍රසාද බුක්ති විදින දේශයක උරුමක්කරුවන් වන ශ්‍රී  ලාංකිකයින්ගේ ඉරණම ඛේදනීය ලෙස විනාශ වෙමින් තිබෙන බව මා මාගේ මුහුනුපොතේ සදහන් කර තිබෙන්නේ 2021 පෙබරවාරි මස 16 වැනි දිනය.

අද යුග පුරුෂයින් ලෙස සිතා  සිටින බොහෝ පාවා දෙන්නන් විසින් , හෙට දරු  පරපුර විනාශ  කරමින් සිංහයින් සේ ජීවත් වෙන්නේ ඔවුන් නිවැරදි යයි  උපකල්පනය කරමිනි. අදක්ෂයින් වන ඔවුන් , ඉදිරියට යාම සදහා තම බිරින්දා වරු වුවද පාවා දෙන අතර , ඔවුන් තම දෙමාපියනට හෝ සලකන විශිෂ්ඨ මිනිසුන් නොව බව, කළගුණ දත් පුරවැසියන් නොවන බවද ඔවුන්, ගෞරවාන්විත මිනිසුන් නොවන බවද සමාජ විද්‍යාත්මකව මෙන්ම සදාචාර සම්පන්න ලෙසද ඔප්පු කර තිබේ. කපටිකම, විලිලජ්ජාවක් නොමැති ඔවුන් හා එකතුව සිටින්නේද එවන්නවුන්ම වන බැවින්, මෙම තත්වය වඩාත් භයානක වන අතර ඔවුන් සියල්ලෝම එකතුව ඒවා සාදාරනීකරණය කරයි. ඔවුනොවුන්ම එකතුව ඔවුන්ගේ ක්‍රමය නිවැරදි බවට සාදක එකතු කරන අතර, අවස්තාව ලද විගස හීන් නූලෙන් තම හිතවතා පමණක් නොව , තමන් ඉහලට ගත් විධායක නිලදාරීන් පවා පාවා දීමට තරම් ඔවුන්ගේ අශික්ඛිත හැසිරීම සමාජයට ලබා දෙන්නේ දැඩි හානියකි. 

එහෙත් ඔවුන්ගේ හෘද සාක්ෂිය පිලිබඳව ඔවුන් විසින්ම විමසනු ඇත. ඔබ විනාශ කල බොහෝ දේ නැවත ආපසු හැරවිය නොහැකි බව. බොහෝ නිලදාරීන් තම උසස් නිලදාරීන්ට අල්ලස් ලබා දෙමින්, කාන්තාවන් සපයමින්, ගෙවල් වල වැඩ කරමින්, ඔවුන්ගේ  පුද්ගලික වැඩ කරමින් , අනෙක් ජේෂ්ඨයන්ගේ නැති වැරදි පෙන්වා දෙමින්, කේලම් කියමින්, කොටවමින්, විවිද අයුරින් තම ආත්මාර්ථකාමී ඉලක්කයන් සපුරා ගනිමින් සිටිති. බොහෝ නිලදාරීන් ඒවා  සපුරාගෙන සිටින අතර, ඔවුන් වැනිම මිනිසුන් නිසාම තම ආයතන බිඳ වැටෙමින් තිබෙන බව තේරුම් ගනීමට වත් නොහැකි ඔවුන්ගේ අධ්‍යාපන අදක්ෂ භාවය ඉහලින්ම තිබේ. ඔවුන් සමාජය විනාශ කල , අදක්ෂයින් විනා දක්ෂයින් නොවේ.  මෙය කියවන ඔබත් එසේ කල හෝ එසේ කිරීමට හැකි ලෙස නීති සැකසු පුද්ගලයෙක්ද බලන්න. ඔබ එය ගැබුරින් අධ්‍යයනය කලේ නම් සමාජ , ආර්ථික හෝ දේශපාලන වශයෙන් , සමාජය ආරක්ෂා කිරීමට ඔවුන් බාධාවක්ව ඇති සැටි ඉතාම හොඳින් අවබෝධ වනු ඇත. 

එම නිසා ඔබ කිසිම දිනක , ඔබට වඩා එක් දිනක් හෝ ඉදිරියෙන් සිටින , ඔබට පෙර ආයතනයට බැදුණු සේවකයින් කපා , කොටා දමා ඉදිරියට නොයන්න. ඔබ ඔබටම පහනක් වී ඇති බව ඔබට පෙනුනද, ඔබ වැරදි පූර්වදාර්ශයක් සමාජ ගත කර , එම ආයතනය විනාශ කල පරපුරේම , තවත් අයෙකු වනු ඇත. එය ආත්ම ගණනාවකටවත් ඔබට ගෙවා ගත නොහැකි පාපයකි. එසේම , ඔබ තිරිසන් සතෙකුටත් වඩා පහත් පුද්ගලයෙකු වන අතර, එය සමාජය විසින්ම කතිකාවතක් ගොඩ නගයි. “ඔබ නිසි ලෙස පීදීමට ලක් නොවුණු බව” ඔබගේ හදවත දන්නා බැවින්, මැදින් පීදුණු මල් නිසා සමස්ත ශාකයම ඉක්මනිනේ අවසන් වන්නා සේ”, ඔබේ ජීවිතයද , ලෙඩ දුක් වලින් පිරී යන්නේ , අන් කිසිවක් නිසා නොව, ඔබ විනාස කල සමාජයේ මිනිසුන්ගේ සාපයන් වල බලපෑමෙනි. ඔබ ආයතනයකින් නික්ම යන විට මා ගෞරවනීය ලෙස ඔබේ ආයතනයෙන් සමුගනිමි. මා හෙට සිට අහවල් ආයතනයේ සේවය කරමි  බොහෝ දෙනෙකු තම ගරුත්වය ගැන කතා කලද , සැබවින්ම තමා ගරුත්වයක් ලැබෙන ලෙස කටයුතු කලේද යන්න මතක් වනුයේ කාලයක් ගිය පසුවය. සැබවින්ම විදයානුකූලවත් , අචාර සමාචාර ලෙසත් , නීත්‍යානුකූල ලෙසත් ඔබ වැරදි කරුවෙක් වනුයේ , බොහෝ කල් ගිය පසුවය. එවිට , ඔබව ඔබගේ හෘද සාක්ෂිය ඔබව නොමරා මරනු ඇත. එබැවින් ඔබ ගෞරවාන්විත , යථාර්ථවදී සේවකයෙකු වන්න. 

ශ්‍රී නිශ්ශංක මායාදුන්නේ විසිනි

Exit mobile version