අප ඊයේ (07) උදෑසන “ පොලිස් මාධ්‍ය කොඨිඨාශය මැජික් පෙන්නයි” යනුවෙන් පුවතක් පලකරන ලද්දේ , පසු ගිය 09 වැනිදා ගාලු මුවදොර ප්‍රහාරයට සම්බන්ධ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේඛ්ම්වරයෙකු අත් අඩංගුවට ගෙන ඇති බවත් ඔහුගේ නම සදහන්ව නොතිබීම පිලිබඳවත් විවේචනාත්මකව ලිපියක් පලකරන ලදී.
අප පුවත් සහ ලිපි පළකරනුයේ පලකරනුයේ එම පුද්ගලයා හෝ ආයතනය දෙස සමාජය බලන ආකාරයට සහ පවතින නීති රාමුව තුල සිටය. එසේම අරගල භූමියට පහර දීමට පැය දෙකකට පමණ පෙර අරගලයට පහරදීමෙන් ප්රචණ්ඩ ක්‍රියා මෙන්ම දැවැන්ත විනාශයක් සිදුවන බව ද අප වාර්තා කර තිබේ. එසේම දේශබන්ධු තෙන්නකෝන් මහතා මෙන්ම එම ප්‍රහාරයට වගකිව යුතු පුද්ගලයන් අත් අඩංගුවට ගැනීම තවමත් සිදුකර නොමැතිව තිබීම මෙන්ම පවතින ගැටළු වලට පිළිතුරු ලබා දීමට රජය තවමත් අපොහොසත්වීම නිසා ජනතාවගේ කෝපය දිගින් දිගටම වැඩිවෙමින් තිබේ. එවැනි අවස්ථාවක ජනමාධ්‍ය ආයතනයක් ලෙස දුර්වල පැත්තේ සිට ගැනීමට සිදුවන අතර කිසිම බලාධිකාරයක් හෝ පුද්ගලයෙකු වෙනුවෙන් ලිවීමට හැකියාවක් නැත. මෙම සිද්ධියේදී පොලිස් දෙපාර්තමේන්තුව පවා දුර්වල වුවත් ඒ සියලුම ස්ථානවලදී අප පොලිසිය වෙනුවෙන්ද ලිපි ඕනා තරම් ලියා තිබේ. එසේම අපට ජනතාවක් ලෙස දේශපාලකයන් මෙන්ම පොලිසිය ඇතුළු සියලුම පුරවැසියන් අපේ රටේ අපේම මිනිසුන් වේ. අපගේ වචන භාවිතය විරුද්ධව හෝ උසුළු සහගත හෝ නින්දා සහගත හෝ ලෙස භාවිතා කරනුයේ පවතින සමාජමය අවශ්‍යතාවය මත සහ සමාජයෙන් ඔවුන් දෙස බලන කෝණය අදාළ බලධාරීන්ගේ සහ පුද්ගලයන්ගේ අවධානයට පමණි. එම භාවිතය කල යුතු අකාරයද මාධ්‍යවේදය තුල ඉතාම මැනවින් උගන්වන අතර අපගේ ලිවීමද සිදුකරනුයේ ඒ අනුවය. ඒ හැර කිසිම පුද්ගලයෙකුට හෝ ආයතනයකට සෘජුවම නින්දාවක් හෝ අපහාසයක් සිදු කිරීමට එසේ වචන භාවිතා නොකරයි.
එම පුවතට ප්‍රතිචාර දක්වමින් ඊයේ රාත්‍රියේ ජේෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා අප වෙත දුරකතනයෙන් ආමන්ත්‍රණය කරමින් එසේ නම් සඳහන් නොකිරීමට හේතුව පැහැදිලිකර තිබේ. පෙරලා පිළිතුරු ලබා දෙමින් අප ඒ පිලිබඳව නීතිමය සහ පවතින තත්වය පිලිබඳව සහ එසේ නම් සඳහන් නොකිරීමේ ප්‍රතිපලය ආදියද, පොලීසිය දෙස ජනතාව තව දුරටත් සැකයෙන් බලන අකාරය පිළිබඳවද දීර්ඝ වශයෙන් පැහැදිලි කර දීමටද වගකිව යුතු පිළිගත් මාධ්‍ය ආයතනයක් ලෙස අප කටයුතු කර තිබේ. කෙසේ නමුත් මෙම සියලුම සිද්ධීන් වලදී ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව අසරණ බවද, දේශපාලනීකරණය වූ පොලිසියක ඉරණමද අප මීට පෙර ලිපිවල ඕනා තරම් පැහැදිලි කර තිබේ. මේ කිසිදු දෙයකට වරද ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ නොවන බවද, වගකිව යුත්තේ කවුරුන්ද යන්නද අප මනාව වාර්තා කර තිබේ.
කෙසේ නමුත් ඔහු අප ආයතන ප්‍රධානියා සමග කතාකිරීම ආරම්භ කර තිබෙන්නේ “ මේ පිලිබඳව ඔබෙන් ප්‍රශ්න කිරීමට මට අයිතියක් නෑ. නමුත් එම පුවත පිලිබඳව අදහසක් දැක්වීමට මට හැකියාවක් තිබේද?.” යන්න ඉතාම නිහතමානී ලෙස විමසමිනි. එසේම අපට ලැබෙන පුවත් සහ විමර්ශනාත්මක ලිපි පළකරනුයේ අනෙක් පාර්ශ්වයෙන් විමසීමක් නොකරය. නමුත් ඕනෑම පුවතකට ප්‍රතිචාර දැක්වීමේ ඉඩකඩ මෙන්ම, ඒ පිලිබඳව දක්වන ඕනෑම අදහසක් පළකර දීමටද අප සදාචාරාත්මක ලෙසම බැදී සිටින අතර සෑම පුවතකම යටින් එය ප්‍රදර්ශනය කර තිබේ.
කෙසේ වුවත් නීතියට අනුව යම් පුද්ගලයෙකු අත් අඩංගුවට ගත් බව නිවේදනය කිරීම අත්‍යාවශ්‍යම කටයුත්තක් නොවන නමුත් මේ අවස්ථාවේ පොලීසිය සහ ජනතාව අතර තිබෙන ගැටලුව දැඩි හානිදායක නිසා ජනතාව අතර විශ්වාශය ඇතිවන ලෙස සිද්ධියට අදාළ නිවේදන නිකුත් කරගැනීමේ අවශ්‍යතාවය මත එම පළකිරීම සිදුකල බවද අප ආයතනයේ හිමිකරු විසින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වෙත පැහැදිලිකර දී තිබේ.
අප මාධ්‍ය ආයතනයේ හිමිකරු සහ ජේෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා අතර ඉතාම සුහඳ අයුරින් එම දුරකථන සාකච්චාව පවත්වා තිබේ. එසේම කිසිම ආකාරයක තර්ජනයක් හෝ බහින් බස් වීමක් සිදුව නැති අතර එම ලිපිය තුලින් නිහාල් තල්දුව මහතාගේ නාමයට කිසිදු කැළලක් ඇතිවන සටහනක් හෝ තබා නැත. නමුත් වක්‍රාකාරයෙන් එහි වගකීම ඔහුට පැවරෙන බැවින් ඔහු එසේ අපව ආමන්ත්‍රණය කරමින් කරුණු පැහැදිලි කර දී තිබේ.
එම පුවත පලකිරීමේ අපගේ අර්ථය වුයේ යම් තොරතුරක් සහිත නිවේදනයක් ඉදිරිපත් කිරීමේදී එම නිවේදනයේ සියල්ලම සත්‍ය ලෙස ග්‍රහණය කරගැනීමට හැකි ලෙස නිවේදනය කිරීම තුලින් පොලිස් දෙපාර්තමේන්තුව කෙරෙහි ජනතා විශ්වාශය ඇති කරවීමය. පොලිස් දෙපාර්තමේන්තුව යනු අප සැමටම අයත් ආයතනයකි. එසේම දේශය සුරක්ෂා කිරීම වෙනුවෙන් ඕනෑම ස්ථානයක යම් අඩුවක් දුටුවේ නම් එය විවේචනය කිරීමෙන් පමණක් නිවැරදි වීමක් සිදු වේ. එසේ නොමැතිව පුවතක් පමණක් පළකිරීමෙන් අඩු පාඩු හෝ නිවැරදි කිරීම් සිදු නොවේ. අපට අවශ්‍ය වන්නේ වඩාත්ම නිවැරදි යයි විද්‍යාත්මකවත්, සදාචරාත්මකවත් පිළිගත් දේ පමණක් මුල් කරගෙන මව් බිම සුරැකීමේ කටයුත්ත සිදුකිරීම සදහා පුවත් සහ ලිපි පළකිරීම පමණි.
නමුත් පොලිස් මාධ්‍ය අධ්‍යක්ෂක ලෙස “පොලිස් මාධ්‍ය කොඨිඨාශය මැජික් පෙන්වයි” යන වචනයෙන් නිහාල් තල්දුව මහතාට හෝ ඔහුගේ පවුලේ යම් කෙනෙකුට හෝ යම් අපහසුතාවයක් සිදු වුයේ නම් අපගේ බලවත් කණගාටුව සදහන් කරන අතරම ජේෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව යනු අප දන්නා තරමින් මාධ්‍ය ප්‍රකාශ නිකුත් කිරීමේදී කිසිදු චෝදනාවකට ලක් නොවූ, දේශපාලනික වශයෙන් හෝ ප්‍රකාශ නිකුත් නොකළ පොලිස් නිලධාරියෙකු බවද ඉතාම මැනවින් තම කොටස සිදුකල නිලධාරියෙකු බවද සඳහන් කල යුතුය.