ජේෂ්ඨ මාධ්‍යවේදී  චමුදිත සමරවික්‍රම මහතාට මැර ප්‍රහාරය එල්ල වී අදට (14) මාසයක්. පොලීසිය අසමත්ද ?

උදෑසනම පත්තරෙන් ජනතාවගේ ආලින්දයට එන රූපවාහනි මාධ්‍යවේදීන් කිහිප දෙනාට ජනතාව බොහෝ සෙයින් ලෙන්ගතුය . ඒ තරහක් නැතිව, තමන්ගේ හිතටත් නොදැනීම තමන්ගේ වචන හරඹ භාවිතා කරමින් ජනතාවගේ දෙනෙත් විවර කරවන නිසාය.

මීට බොහෝ කාලයකට පෙර ජනතාව අතර වඩාත්ම ලෙන්ගතු මාධ්‍යවේදියා වුයේ චමුදිත සමරවික්‍රම මහතාය. ඒ ජනතාවගේ ගැටළු වලට හේතු සාධක වූ සියලු දෙනාම  සෘජුවම විවේචනය කල නිසාය. එසේම ඔහු සමාජයේ සැගවී තිබෙන බොහෝ වංචා දූෂණ මෙන්ම අනාවරණය නොවූ දූෂිත සමාජ පැතිකඩයන් තම අන්තර්ජාල නාලිකාව හරහා ජනගත කරමින් තව තවත් ජනතාව අතර ලංවිය.

මෙසේ ජනතාවගේ ආදරයට පාත්‍ර වූ චමුදිත සමරවික්‍රම නම් වූ ජනතාවගේ පෙම්වතාගේ නිවසට මැර ප්‍රහාරය එල්ල වුයේ පසුගිය පෙම්වතුන්ගේ දිනයේදීය. හෙටට එය සිදු වී මාසයකි.

මෙම ප්‍රහාරය පිළිබඳව විවිද තොරතුරු සොයා ගැනීමට පොලිසිය කටයුතු කරන බව එදිනම ප්‍රකාශ කල අතර ඊට දින කිහිපයකට පසුව වෑන් රථයක් සහ යතුරු පැදියක් සැක සහිත බවද එම වාහන දෙක හදුනා ගැනීම සදහා විවිධ තාක්ෂනික උපක්‍රම භාවිතා කරන බවද පොලිසිය ප්‍රකාශ කල අතර සී සී ටී වී කැමරා 100 කට ආසන්න ප්‍රමාණයක් පරීක්ෂා කල බවද සදහන් කරන ලදී.

එසේම එදිනම ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මැතිතුමා චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට පැමිණ සුව දුක් විචාර අතර ගරු අග්‍රාමාත්‍යතුමාද මේ පිළිබදව දීර්ග වෙලාවක් ඔහු සමග සාකච්චා කර තිබුණි.

පසුගිය සතියේ ඩලස් අලහප්පෙරුම මහතා සදහන් කලේ මේ ප්‍රහාරය කලේ කවුද කියන එක නොසලකා හැර , ඔවුන්ගේ පාට කුමක් වුවද, ඔවුන් රජයේ වුවද අත් අඩංගුවට ගත යුතු බවද නැත හොත් රජයට ඇගිල්ල දිගුවීම නැවැත්විය නොහැකි බවයි. කෙසේ වුවත් මෙම ප්‍රහාරය සදහා පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු ම ඇදගෙන සිටියේ බොටම් වර්ගයේ කලිසමය. එම කලිසම බොහෝ විට අදිනුයේ ආරක්ෂක අංශවල සේවයේ නියුතු අයයි .

කෙසේ වුවත් විවිද පාර්ශ්ව අදහස් දක්වමින්  මේ පිලිබඳව රජය වගකිව යුතු බවටද චෝදනා එල්ල වු අතර රජය පාර්ශ්වයට ඇගිල්ල දිගු වීමට ආසන්නතම සිද්ධීන් ලෙස දැක්  වුයේ ඔහුගේ ආරක්ෂාව පිළිබදව ලබා දුන් අධිකරණ නියෝගය ක්‍රියාත්මක කිරීමට ප්‍රමාද කිරීම සහ පොලිස් අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේදී සිදුකල ප්‍රකාශයකින්ද එය බරපතල කාරණාවක් ලෙස නොගෙන අදහස් ප්‍රකාශ කිරීම මෙන්ම ආචාර්ය සරත් වීරසේකර මහතාගේ පුතෙකු විසින් මුහුණු පොතේ යොදා තිබු සටහනක්ද ඇතුළු ක්‍රියා කිහිපයයි.

කෙසේ වුවත් මොහුට ආරක්ෂාව ලබා දීම සදහා කටයුතු කරන ලෙස ලබා දුන් අධිකරණ නියෝගය ක්‍රියාත්මක ප්‍රමාද කිරීමෙන් රජයේ කීර්ති නාමයට  සිදු වූ හානිය සුළු පටු නොවේ. මෙම ප්‍රහාරය නිසා මාද්‍යවේදීන්ගේ ආරක්ෂාව පිළිබදව සිදු වූ හානියද සුළු පටු නොවේ.

කෙසේ වුවත් කොලඹ ජනාකීර්ණ පරිසරය තුල මෙසේ වාහනයකට සැග වී යා නොහැක. ශ්‍රී  ලංකා පොලිස් දෙපාර්තමේන්තුව යනු අසමත් ආයතනයක් නොවේ. සත්‍ය තොරතුරු දැන දැනම යමෙකුගේ බලපෑමක් නිසා එම සත්‍ය සැගවීමට පොලිසියට සිදු වී තිබේද යන්න අප නොදනී. ජනතාවගේ නාමයෙන් සහ පොලිස් දෙපාර්තමේන්තුව විනාශ නොකර වැරදි කරුවන් එලියට දැමීම ඔවුන්ගේ රාජකාරිය සහ වගකීමයි . නැතහොත් අළු යට ගිනි පුපුරු සේ මේවා නැවත නැවත මතු වනු ඇත. එසේම හෙට තවත් මාද්‍යවේදියෙකුට මෙසේ සිදු විය හැකිය.

එබැවින් අප නැවතත් සදහන් කරන්නේ මේ සිද්දිය යට ගැසීමට ඉඩ නොතැබිය යුතු බවයි.

Exit mobile version