ජේ.වී.පි එකෙන් ජනාධිපතිවරණයට එන්නේ හරිනිද?. ලාල් කාන්තත් පනින්න හෝ පැන්නීමට සුදානමක?

ශ්‍රී ලංකාවේ දේශපාලන වාතාවරණය මේ වන විට සීග්‍රයෙන් වෙනස් වෙමින් පවතී. එය කෙතරම්ද ව්‍යාකුලද යත්, සිදුවන්නේ කුමක්ද යන්න දේශපාලන නායකයන්ට පවා සිතාගැනීමට නොහැකිව තිබේ. කෙසේ නමුත් කිසිදු දේශපාලන නායකයෙක් ලංකාවේ පිඩිත පන්තිය ගැන කිසිදු දැනුමක් නොමැති බව හරි අපුරුවට දක්නට තිබේ.

කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණ මේ වන විටත් ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන බවට සලකුණු තිබේ. නමුත් දේශපාලන වටපිටාව ක්ෂණිකව වෙනස් වේ. එවන් පසුබිමක් තුල ජනතා  කාන්ත මහතා ජනතා විමුක්ති පෙරමුණ හැර යන බවටත්, පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිණි අමරසුරිය මහත්මිය එහි ජනාධිපති අපේක්ෂකවරිය ලෙස ඉදිරිපත්වීමටත් බොහෝ දුරට ඉඩකඩ පවතින බව  දේශපාලන ආරංචි මාර්ග පවසයි.

පරාජිත දේශපාලඥයන් මෙන්ම , අනාගතයේ තමන් පරදින බැව් දැනගෙන සිටින සියලුම දේශපාලන නායකයන් මේ වන විට පක්ෂ දෙකඩ කිරීම, තමන්ගේ පක්ෂයට  අවශ්‍ය දේශපාලඥයන් අල්ලා ගැනීම ආදී අමුතුම ජාතියේ සෙල්ලම් මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතී. ලබන මාසය තුල බොහෝ දේවල් සිදුවනු ඇත. ජනතා විමුක්ති පෙරමුණේ සැබෑ ජනාධිපති අපේක්ෂකයා මෙන්ම ලාල් කාන්තත් පක්ෂය හැර යන්නේද යන්න බලා ගත හැකි වනු ඇත. කුමක් වුවත් දේශපාලනය යන පරමාණුක බෝම්බයේ බොහෝ අනුක මැතිවරණ සමය තුලත්, ඉන් පසුවත් දැකීම සාමාන්‍ය දෙයකි.

කෙසේ වුවත්, ශ්‍රී ලංකාවේ දේශපාලනය යනු, කාලගුණය සහ දේශගුණය මෙන් වරින් වර වෙනස් වන අතර  අවසානයේ ඡන්ද දායකයන් මෙන්ම නායකයන්ගේ හිතවතුන් නියඟයට අසු වේ. පක්ෂ දෙකඩ කිරීම, නායකයන් බිලි ගැනීම, ඔවුන් අමාරුවේ දැමීම යනු මහජන අපේක්ෂාවන් වලට සිදුකරන දැවැන්ත අපරාධයකි.

Exit mobile version