ජොන්ස්ටන්ට නිදහස

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව සතොස සේවකයින් දේශපාලනය සඳහා යොදවා ගත් බවට ගොනුකර ඇති නඩු තුනකින් ඔහුව නිදොස්කොට නිහස් කර ඇත.

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කාලසීමාවේ දී සතොස ආයතනයේ සේවකයින් 153 දෙනෙකු ඔවුන්ගේ නීත්‍යානුකූල රාජකාරිවලින් ඉවත්කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදීමේ රජයට රුපියල් කෝටි හතරකට ආසන්න පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව මෙම නඩු තුන ගොනු කර තිබුණි.

අදාළ නඩුව අද (28) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී රාගල මහතා ඉදිරියේ දී කැඳවනු ලැබූ අවස්ථාවේ දී මෙම නියෝගය ලබා දී ඇත.

Exit mobile version