අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලූමුවදොර දී අරගලකරුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් හය දෙනකුගෙන් අද පාර්ලිමේන්තුවේදී ප්රකාශ ලබා ගැනීමට නියමිතයි.
ජොන්ස්ටන් ප්රනාන්දු, පවිත්රා වන්නිආරච්චි, සංජීව එදිරිමාන්න, රෝහිත අබේගුණවර්ධන, සී බී රත්නායක සහ ඉන්දික අනුරුද්ධ යන අයගෙන් මෙලෙස ප්රකාශ ලබා ගැනීමට නියමිතව තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් කණ්ඩායම් 05 ක් ඊයේ මොවුන්ගේ ප්රකාශ ලබා ගැනීමට පාර්ලිමේන්තුවට ගියද එය අද දක්වා කල් දමා තිබෙනවා.