මෙන්ම ගාලු මුවදොර අරගලයට පහර දීම පිලිබඳව චුදිතයෙකු ලෙස නම් කර තිබෙන හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ වන විට අත් අඩංගුවට ගැනීම වලක්වාලන මෙන් ඉල්ලා රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
කෙසේ නමුත් සමාජය තුල මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබෙන්නේ ඔහුගේ පොලිස් ආරක්ෂාව ඉවත් කර තිබේද යන්නයි. මේ පිලිබදව සමාජ මාධ්‍ය තුලද දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.
ඔහු අත් අඩංගුවට ගැනීම් සදහා පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා තිබෙන බවට විවිධ මාධ්‍ය වාර්තා කර තිබුණි. නමුත් අත් අඩංගුවට ගැනීමේ නියෝගය නිකුත් කරන විටත් ඔහු සිටියේ පොලිස් ආරක්ෂාව සමගින් නිසා පැනයාමට ඉඩක් තිබිය නොහැක.
පෙත්සමක් ඉදිරිපත් කලද, ඔහු අත් අඩංගුවට නොගන්නා ලෙස තාවකාලික ආඥාවක් හෝ නිකුත් කර නොමැති නිසා ඔහුව අත් අඩංගුවට ගැනීමට හැකිය.
නමුත් දේශපාලන බලවතුන්ගේ ආක්රමණික ක්‍රියාවලිය නිසා ශ්‍රී ලංකා පොලිසිය දිගින් දිගටම නින්දාවට සහ උපහාසයට ලක්වෙමින් තිබෙන අතර ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවේ නීතිය සහ සාමය පවත්වාගෙන යාමට නොහැකිව තිබේ.
ශ්‍රී ලංකාවේ දේශපාලන අධිකාරිය දිගින් දිගටම සාමාන්‍ය ජනතාව උඩ දමා පොලවේ ගසමින් සිටින අතර ඒ හේතුවෙන් නැවතත් දැවැන්ත ප්රචණ්ඩ ක්‍රියාවලට ජනතාව යොමුවෙමින් සිටී.