ජෝශප් ස්ටාලින්ට සාරිය ගලවන්න තියන උවමනාව මේ වගේ ප්‍රතිඵල අරන් දෙන්නත් තිබුණා නම්.

2021 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල පසුගිය (25) දිනයේ  නිකුත් වූ අතර මේ වන විට දිවයිනේ වැඩිම ප්‍රතිඵල ලැබූ දක්ෂයින්ද ප්‍රකාශයට පත් වී හමාරය.

මෙවර ප්‍රතිඵලනිකුත් වූ පසුව ඉන් කැපී පෙනෙන ප්‍රතිඵලයක් ද අපට හමු විය.ඒ යාපනය හින්දු විද්‍යාලයෙන් වාර්තා වූ විශිෂ්ට ප්‍රතිඵලයයි.එය මේ වන විටත් සිංහල සමාජය තුල දැඩි කතා බහකට ලක්ව තිබේ.

ශ්‍රී ලංකාවේ සමස්ත අධ්‍යාපන ක්‍රමය නිසි ලෙසම ක්‍රියාත්මක වුයේ නම් ශ්‍රී ලංකාවට මෙවන් විපටහ්ක් උරුම නොවේ. කෙසේ නමුත් කොරෝනා සමය තුල පවා යාපනය ප්‍රදේශයේ අධ්‍යාපනය බිද නොවැටී පවත්වාගෙන යාමට ඔවුන් දක්ෂ විය . ඉන්ධන නොමැති අවස්ථාවලදී දකුණේ පාසල් නිවාඩු ලබද්දී උතුරේ දරුවන් පාපැදියෙන් පාසල් ගියේය.

එම ප්‍රතිඵලයට අනුව එම විද්‍යාලයෙන් විභාගය සදහා පෙනී සිටි ළමුන් 255 ගෙන් ළමුන් 62ක් A9 විශිෂ්ට සාමාර්ථ වාර්තා කර තිබෙන අතර තවත් සිසුන් 46 දෙනෙකු A8 සාමාර්ථ වාර්තා කර ඇත.එමෙන්ම තවත් ළමුන් 29ක් A7 සාමාර්ථ වාර්තා කරමින් විශිෂ්ට ප්‍රතිඵල ලබා ඇත.කෙසේ නමුත් මෙම ප්‍රතිපලය දකුණට කනේ පහරකි.

ඒ අනුව එම විද්‍යාලයේ මෙවර සාමාන්‍ය පෙළ සමත් වූවන්ගේ ප්‍රතිඵල ප්‍රතිශතය 99%ක් සේ දැක්වේ.

අකමැත්තෙන් වුවත් මේ දිනවල සාරි ඇදන් පාසල් එන්න අපහසුයි කියලා නටන ගුරුමෑණියන් සිහියේ තබාගත යුතු කරුණක් නම් ‌ඔවුන් පාසල් හබ් අවදියේ ඔවුන්ට සිප්සතර දීලා ගුරුවරුන් බවට පත්කළේ අපහසුයි කියන සාරිය ඇදගෙන ඉස්කෝලෙට ආව ගුරු මෑණියන්ගෙන් බව.ඒ ගුරුවරු අද වගේ සැප පහසුකම් හෙව්වේ වත් සාරි අදින්න බෑ කලිසම් අදින්න ඔන කියලා තමන්ට හිතූ හිතූ විදියට පාසලට ඇදුම් ඇදන් ආවේවත් නැහැ.

ඔවුන් තමන්ගේ රාජකාරිය දේවකාරිය මෙන් නොපිරිහෙලා ඉටු කරපු නිසා අද මේ ගුරුවරුවෙලා සාරිය ගලවන්න ඔන කියලා දගලනවා.

මේ දමිළ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්නේද බහුතරය දමිළ ගුරුවරුන්.ඔවුනුත් සාරිය ගලවන්න ඔන කියලා කෑ ගහන්න ගත්තොත් ඉදිරි වසරේ මෙවැනි විශිෂ්ඨ ප්‍රතිඵලයක් යළි වාර්තා කරන්න හැකියාව ලැබෙයි ද?

මේ දමිළ දරුවන්ට දකුණේ, බස්නාහිර, සබරගමුව වගේම අනිත් පළාත්වල ළමයින්ට වගේ උතු‌රේ දිවි ගෙවන දරුවන්ට සැප ජීවිත නැහැ.

කට්ට කර්කෂ අව්වේ පාසලට බයිසිකලය පැදගෙන ගිහින් ඔවුන් අධ්‍යාපනය හදාරනවා.ඒ වගේම බොහෝමයක් දමිළ ගුරු මෑණිවරුන් ද ඒ කටුක අත්දැකීම ලබමින් මේ දරුවන්ට උගන්වන්න වෙහෙසෙනවා.

හරි හැටි පහසුකම් නොමැතිව පවා දරුවන්ට නිසි අධ්‍යාපනය ලබා දෙමින් ඔවුන් මෙවැනි විශිෂ්ඨ ප්‍රතිඵල කරා රැගෙන යාමට දිරි ගැන්වූ මේ ගුරුමෑණිවරුන් ජාති ආගම් භේද පසෙකලා ඇගයීමට ලක් කළ යුතුව ඇත.

ඇතැම් අපේ ගුරුවරුන් සියලු පහසුකම්වලින් සපිරි නගරේ පාසලට යාන වාහනවලින් පැමිණ තමන්ගේ රාජකාරිය ඉටුකර යළිත් සැපසේ යානවාහනවලින් පිටව යයි.යාන වාහන නැතත් ඔවුන්ට පොදු ප්‍රවාහන පහසුකම හෝ පවතියි.නමුත් මේ යාපනයේ ජනතාවට ඇතැම් විට නිසි අයුරින් පොදු ප්‍රවාහන පහසුකමක් හෝ නොමැති වනවා සේම ඔවුන්ගේ ජීවිත අපේ ජීවිතවලට වඩා හාත්පසින්ම වෙනස්වනු ඇත.

එවැනි කටුක දිවියක් ගෙවන දරුවන් මෙන්ම ගුරු කැලක් එක්ව ලද මේ ජයග්‍රහණය සැබවින්ම විජයග්‍රහණයකි.සාරිය පසුපස යන අපේ සිංහල ගුරුවරුන් මේ දමිළ ගුරුමෑණිවරුන් හෝ නිදසුනට ගෙන තම රාජකාරිය නිසි අයුරින් ඉටු කිරීමට කටයුතු කරන්නේ නම් මේ රටෙන් මෙවැනි අගනා දරු පරපුරක් බිහි කිරීම එතරම් අපහසු කරුණක් නොවනු ඇත.

Exit mobile version