රටේ ජනතාව කුසගින්නේ මැරෙද්දී ටිචගේ සාරිය උඩට අදිමින් කරනු ලබන විකට නාඩගම් තවමත් අවසන් වී නොමැත.පාසල් ළමුන් කන්න නැතුව ,පාසලට එන්න සල්ලි නැතුව කඳුළු ගොඩක් මැද දුක්විදින වාතාවරණයක් තුල මෙවන් නිවට කතා ගොතමින් දේශපාලුවන්ටයි ආණ්ඩුවටයි කඩේ යනවා විනා අහිංසක ජනතාවගේ පැත්තෙන් හිටගෙන ඔවුන් වෙනුවෙන් හඩක් නැගීමට මේ කටුසු ගති ඇති වෘත්තීය සමිති ක්‍රියාකාරීන්ට අද වන විට නොහැකි වී ඇත.
යහපාලන ආණ්ඩුව සමයේදී අධ්‍යාපන ඇමතිවරයා ලෙස තමන් ගැබිනි මාතාවන්ට සුදුසු ඇඳුමකින් පාසලට පැමිණීමට ඉඩ සැලැස්වීමට ගත් උත්සහයේදී ඊට ප්රබලව විරුද්ධ වූ වෘත්තීය සමිති අද වනවිට ගුරුවරියන් අඳින සාරිය ගැලවීමට උත්සහ කරන බව එක්සත් ජාතික පක්ෂයේ උපනායක අකිල විරාජ් කාරියවසම් ඊයේ (නොවැ. 24) පැවසීය.
ගැබිනි ගුරුවරියන් සාරියක් ඇඳගෙන පාසලට පැමිණීමේදී බොහෝ අපහසුතාවන්ට ලක්වෙන බවට ත්, සමහර අවස්ථාවලදී සාරිය වැනි දෙයක් අඳින අවස්ථාවලදී උදරය තදවීම නිසා දරු ගැබට හානියක් සිදුවීමේ ඉඩප්‍රස්තාව ඇතිවිය හැකි බවට ත් වෛද්‍යවරු නිර්දේශ කර තිබූ බව හිටපු ඇමතිවරයා සඳහන් කළේ ය.
තමා අවුරුදු පහකට පෙර ගත් තීන්දු තීරණ හා යෝජනා අදවන විට වෙනත් ආකාරයකට ඉදිරිපත් කර තිබෙන මෙම වෘත්තීය සමිති එදා නිල ඇඳුම්වලට වවුචර ක්‍රමය හඳුන්වා දුන් අවස්ථාවේදී, ළඟ ම පාසල හොඳ ම පාසල වැඩසටහන ක්‍රියාත්මක කළවිට සහ සිසු දරුවන්ට ටැබ් පරිගණක ලබා දීමට ගත් උත්සහයේදී චෝදනා කොට විරුද්ධ වූ බව හෙතෙම කීවේ ය.
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී කාරියවසම් මහතා මේ බව සඳහන් කළේ ය.
මෙම වෘත්තීය සමිති ටැබ් පරිගණක වැඩසටහනට විරුද්ධව කටයුතු නොකළා නම් කොරෝනා වසංගතය කාලයේ දුප්පත් මවුපියන්ගේ දරුවන්ට ඒවා පාවිච්චි කරමින් හොඳින් අධ්‍යාපන කටයුතු කිරීමේ අවස්ථාව තිබූ බව ඔහු පැවසීය.
වෘත්තීය සමිති කටයුතු කළ යුත්තේ අදාළ ප්‍රජාවගේ අයිතිවාසිකම් දිනාගැනීමට මිස විවිධ කාලවලදී මේ රටේ දේශපාලනඥයන් සේම විවිධ තීන්දු තීරණ ගනිමින් කඩාකප්පල් කටයුතු කිරීමට නොවන බව ද හිටපු ඇමතිවරයා සඳහන් කළේ ය.
වර්තමානයේ ගුරුවරුන්ට ඇඳුමට වඩා ප්‍රශ්න තිබෙන බවත් ගැබිනි මාතාවන්ගේ ඇඳුමට විරුද්ධ වූ ස්ටලින්ලා අද වෙනකොට ගුරුවරියන්ගේ සාරිය ගැලවීමට දරන ප්රයත්නයත් දෙස බැලු විට එහි දී මොවුන් දක්වන පරස්පර විරෝධී කලින් කලට පාට මාරු කරන කටුසු ගතිය පිළිබඳව මනාව වැටහුම් වේ.
රටේ වෙනත් ප්‍රශ්න නොමැතිවා සේ මොවුන් මේ කලින් කලට කරලියට රැගෙන එන පදනම් විරහිත බොරු කරුණු පසුපස යමින් රටේ ජනතාව නොමග යැවීමට ගන්නා මේ ප්රයත්නයන් තව දුරටත් සාර්ථක වීමට ඉඩලබා නොදිය යුතුය.රටේ මල් කැකුළු උගසට තබමින් මොවුන් මේ කරන සෙල්ලම අවසන් කිරීමේ වගකීම ඇත්තේ අධ්‍යාපන විෂයපතය බාරව සිටින බලධාරීන්ට ය.
තමන්ගේ මතය ජයග්‍රහණය කරවීමට ජනතාව යොදාගෙන රටේ මතයක් හදමින් එදා වේල වෙනුවෙන් ප්‍රතිපත්ති තීරණ ගන්නා ව්‍යාපාර නතර කළ යුතු බවත්, කුහකත්වය නැති කර එක ප්‍රතිපත්තියක් මත වැඩ කිරීමේ ක්‍රමවේදයක් මේ රටේ ස්ථාපනය කළ යුතු කාලය දැන් උදා වී ඇත.