ජෝෂප් ස්ටාලින්ට අනුව රටේ ඉන්න ඔක්කොම මෝඩයෝ. රනිල් කතාකරපු එක ඩීල් එකක් නෙවේලු

ජෝෂප් ස්ටාලින් මෙන්ම මෙරට ප්‍රධාන පෙලේ බහුජන සංවිධාන කටයුතු කරන්නේ දේශපාලන වුමනාවන් මත බව දැන් ඔප්පු වී අවසන්ය. මෙරට ජනතා අරගලයක් පවතින්නේ ගැටළු නිසාමය. නමුත් අරගලය තිබුනේ රාජ්‍ය සේවකයන් වෙනුවෙන් නොවේ. රජයෙන් වැටුප් නොලබන සාමාන්‍ය ජනතාව තුලය . අදටත් එය පවතින්නේ රජයට බරක් නොවී ජීවත්වන මෙරට බදුගෙවන ජනතාව තුලවන අතර වෙනසක් ඉල්ලු ජනතාවට එය නැතිකලේ ජෝෂප් ස්ටාලින් වැනි වෘත්තීය සමිති නායකයන්ය. අරගලය විනාශ කල ඔවුන් දැන් නැවතත් වැටුප් වැඩිවීම් ඉල්ලයි.

ඒ අතරතුර චමුදිත සමරවික්‍රම මහතා සමග පැවති සාකච්චාවකදී ඔහු සදහන් කලේ මෙරට මන්දපෝෂණය නෑ කියන්නේ බඩ තිබුනට මොලේ නැති දොස්තරලාය. නමුත් වැටුප් වැඩිවීම් ඉල්ලන ඔහුට නොපෙනෙන කරන නම් ඔවුන්ට වැටුප් වැඩිකිරීම් කිරීමට නම් මෙරට භාණ්ඩ මිල තවත් වැඩි කල යුතු බව සහ එයින් මෙරට මන්දපෝෂණය තව තවත් වැඩිවන බවයි.

එසේම ගුරුවරුන්ට කාලකන්නි කිව්ව කෙහෙළියගෙන් හොඳ සෞඛ්‍ය සේවාවක් බලාපොරොත්තු වෙන්න බැහැ ලෙසද ඔහු පැවසූ අතර ඔහුට නොපෙනෙන් අනෙක් කරුණ නම් මෙරට බහුතරයක් ගුරුවරුන් ගුරු වේශයෙන් සිටිමින් ව්‍යපාරික ගුරුවරුන් බවට පත්ව සිටින බවයි. එසේම අධ්‍යාපනයේ තිබෙන විවිධ වැරදි ක්‍රම නොදකින ඔහු කෙහෙළියගේ වැරදි පමණක් දැකීමද ගුරුකමට නින්දාවකි.

එසේම ඔහුව එලියට ගැනීමට සමන් රත්නප්‍රිය දැඩි වෙහෙසක් ගත බවද රනිල් මට කතාකරපු එක ඩීල් එකක් නොවන බවද ඔහු කියයි. මහජන අරගලය වැනසූ ඔහුට රනිල් කතා කිරීමෙන්ම පෙනෙන්නේ ඔහුද රනිල් ගෙන ඒම සදහා අරගලය කර වූ බවය. එසේම ඔහු පවසන්නේ මේ රට නැති කරපු ඈයෝ ටික ආපහු ඇමතිවරු වෙලා රට  ගොඩනඟන්න කතා කරනව බවත් ඒවා විහිළු බවත්ය. එහෙත් ඔහුට අමතක දේ වන්නේ ඔවුන්ගේ දේශපාලන සබදකම් නිසා ඇමතිවරුන් එලවා දැමීමට ජනතාවට නොහැකි වූ බවත් ඔවුන් මේ ශ්‍රී ලංකාවේ සමස්ත තරුණ ප්‍රජාවම පාවා දුන් බවත්ය.

අපි මෝඩයෝ කළ ස්ටාලින්ගේ වීඩියෝව පහලින් බලන්න

Exit mobile version