ජෝසෆ් ස්ටාලින් 5000 ගැන අදහස් දක්වයි

ජෝසෆ් ස්ටාලින් මහතා ප්‍රකාශ කළේ රජය පොරොන්දු වූ රුපියල් 5,000 දීමනාව වැටුපට එක් නොකිරීම තුළින් කැබිනට් මණ්ඩලයේ තීරණ පිළිබඳව විශ්වාසය ගිලිහි යන බවයි.

එසේම ඔහු සඳහන් කළේ පොලීසිය භාර අමාත්‍යවරයා ගුරුවරුන් සම්බන්ධයෙන් කළ තර්ජනය හෙළා දකින බවයි.

දේශපාලනික අරමුණු සඳහා පොලීසිය යොදාගැනීමට අමාත්‍යවරයා ගන්නා උත්සහය රජයේ ස්ථාවරය ද යන්න පැහැදිලි කළ යුතු බව ද ඔහු අද (18) පැවති මාධ්‍ය හමුවක දී ඔහු ප්‍රකාශ කළේ ය.

එසේම සමස්ත ලංකා උපකාරක පංති සංගමයේ සභාපති බුද්ධික ඉරෝෂන් මහතා සඳහන් කළේ උපකාරක පන්ති සහ පාසල් දරුවන්ගේ අධ්‍යාපන ක්ෂේත්‍රය කෙරෙහි ආණ්ඩුවේ අවදානය නොමැති බවයි.

Exit mobile version