ජෝ බයිඩන්ගේ පිරිහුණු ජනප්‍රියත්වය

රොයිටර්ස් සහ ඉප්සොස් (REUTERS / IPSOS) මත සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙන්නේ ලබන වසරේ පැවැත්වෙන අමෙරිකානු ජනාධිපතිවරණය සඳහා යළි තරග වැදීමට අපේක්ෂා කරන 80 හැවිරිදි අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ගේ ජනප්‍රියත්වය දැන් බෙහෙවින් පිරිහී ඇති බවත් ජනාධිපතිවරයෙකු ලෙස ඔහුගේ ක්‍රියාකලාපය අනුමත කරන්නේ, අමෙරිකානුවන් ගෙන් 39%ක් පමණක් බවයි.

වාර්තා වන ආකාරයට පසුගිය සැප්තැම්බරයේ එය 42%ක් ව පැවති අතර, ඔක්තෝබරයේ දී 40% දක්වා පහත වැටී තිබේ.

මේ නිසා 2024 ජනාධිපතිවරණයේ දී රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයා ලෙස හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට මුහුණ දීම ජනපති බයිඩන්ට විශාල අභියෝගයක් වනු ඇති බව ප්‍රකාශ වේ.

නව මත සමීක්ෂණයට අනුව යුද්ධය සහ විදේශීය අර්බුද සම්බන්ධයෙන් අමෙරිකානුවන් බයිඩන් ගේ ප්‍රතිපත්ති පිළිබඳ සෑහීමකට පත් නොවන බව පෙනී ගොස් ඇති අතර එමෙන්ම ඔහු අමෙරිකානු ආර්ථිකය හසුරුවන ආකාරය සම්බන්ධයෙන් ද ජනතා ප්‍රසාදය ගිලිහෙමින් පවතින බව මෙම සමීක්ෂණයෙන් අනාවරණය වේ.

Exit mobile version