ඥාති පුතුගේ උදුලු පහරින් කාන්තාව මරුට

කාන්තාවක් උදැල්ලෙන් පාහරදී ඝාතනය කල පුවතක් කහටගස්දිගිලිය ප්‍රදේශයෙන් වාර්තාවේ.

ඥාති පුතෙකු සමග ඊයේ (3) රාත්‍රී කාලයේ වෙල්යායකදී ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාම හේතුවෙන් මෙම අනතුර සිදුව තිබේ.

31 හැවිරිදි සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර පහර කෑමට මුහුණ දුන් කාන්තාව එම ඉස්තානයේදීම මිය ගොස් තිබේ.

අනතුරින් මියගොස් ඇත්තේ ඊතලවැටුනවැව මහපොතාන ගම්මානයේ පදිංචි 50 හැවිරිදි කාන්තාවකි.

කහටගස්දිගිලිය පොලීසිය සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Exit mobile version