ටයිම්ස් උසස් අධ්‍යාපන ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලය නැවතත් ශ්‍රී ලංකාවේ අංක එකේ විශ්වවිද්‍යාලය බවට නම් කර ඇත.
ලෝකයේ උසස් අධ්‍යාපනය ලැබීමට සුදුසුම විශ්වවිද්‍යාලය කුමක්ද යන්න පිළිබඳව ලෝක උසස් අධ්‍යාපන ආයතන ශ්‍රේණිගත කිරීම් මගින් වාර්ෂිකව එළි දැක්වීම් සිදු කරනු ලබයි.
ඉන් එක් ප්‍රධාන ලෝක විශ්වවිද්‍යාල වර්ගීකරණයක් වන්නේ (World University Rankings) ටයිම්ස් ලෝක උසස් අධ්‍යාපන ආයතන ශ්‍රේණිගත කිරීමයි. (Times Higher Education ranking) ලෝක උසස් අධ්‍යාපන ආයතන ශ්‍රේණිගත කිරීම් මගින් අධ්‍යාපන ක්ෂෙත්රයේ නියැලෙන්නන්හට ලෝකයේ උසස් අධ්‍යාපන ආයතන වල විවිධ මෙහෙවරන් හා සාර්ථකත්වයන් පිළිබඳ නිසි අවබෝධයක් ලබා දීම සිදුකරන අතර ටයිම්ස් ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම් මගින් විශ්වවිද්‍යාල ක්‍රියාකාරකම්වල ප්‍රධාන අංශ තුනක් ආවරණය කරනු ලබයි. එනම්, පර්යේෂණ, බලපෑම සහ ඉගැන්වීම් එම අංශ තුන වේ.
ඒ අනුව 2023 ටයිම්ස් උසස් අධ්‍යාපන ආයතන වර්ගීකරණය තුළ ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල 6 ක් ශ්‍රේණිගත කර ඇති අතර ඉන් ශ්‍රී ලංකාවේ ඉහළම ශ්‍රේණිගත විශ්වවිද්‍යාලය බවට පත්ව ඇත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයයි. එය අංක 500 – 600 ත් අතර ශ්‍රේණිගත කර ඇත.
ඒ අනුව ටයිම්ස් ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම් අනුව ලංකාවේ අංක 1 විශ්වවිද්‍යාලය බවට පේරාදෙණිය බවට පත්ව ඇති අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ අංක 1 විශ්වවිද්‍යාලය බවට පත්ව ඇත්තේ සිව්වන වරට වීම විශේෂත්වයකි.
ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම් මගින්, පර්යේෂණ මෙහෙවර අවධාරණය කරමින්, ලොව හොඳම විශ්වවිද්‍යාලවල නිශ්චිත ලැයිස්තුව වාර්ෂිකව සපයනු ලබයි. විශ්වවිද්‍යාල ඔවුන්ගේ සියලු මූලික මෙහෙවරයන් හරහා විනිශ්චය කිරීමට ඇති එකම ගෝලීය විශ්ව විද්‍යාල ලීග් වගුව (league table) මෙම වර්ගීකරණ ලයිස්තුව වන අතර ඒ මගින් උසස් අධ්‍යාපන ආයතන ඉගැන්වීම (ඉගෙනුම් පරිසරය); පර්යේෂණ (පරිමාව, ආදායම සහ කීර්තිය) උපුටා දැක්වීම් පර්යේෂණ බලපෑම, කර්මාන්ත ආදායම (දැනුම මාරු කිරීම) සහ ජාත්‍යන්තර දැක්ම (කාර්ය මණ්ඩලය, සිසුන් සහ පර්යේෂණ) ආදිය පිළිබඳ වඩාත් විස්තීර්ණ සහ සමබර සැසඳීම් සැපයීම සඳහා ප්‍රවේශමෙන් ක්‍රමාංකනය කරන ලද කාර්ය සාධන දර්ශක 13 ක් භාවිතා කරනු ලබයි.
සරත් සමරනායක.