ට්‍රම්ප්ගේ මන්දිරය FBI ග්‍රහණයට!

හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ෆ්ලොරිඩාහි පිහිටි මන්දිරය එෆ්බීඅයි නිලධාරීන් විසින් වටලා ඇති බව වාර්තා වේ.

සිය නිවසේ තිබූ සේප්පුවක් ද FBI නිලධාරීන් විසින් විවෘත කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් පෙන්වා දී ඇත්තේ.

මෙම සෝදිසි කිරීම සිදුකර ඇත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නිල ලිපි ලේඛන හැසිරවීම සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශන කටයුත්තකට අදාළවය.

විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කළේ අමෙරිකානු හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2024 වසරේ දී තෙවන වරටත් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට අපේක්ෂාවෙන් සිටින බවයි.

Exit mobile version