ට්‍රැක්ටරය පෙරළී යුද හමුදාවේ 7ක් රෝහලේ.

කතරගම කිරිවෙහෙර රජමහා විහාරස්ථානය අසල සුභ සාධක කටයුතු වල යොදවා තිබූ හමුදා මහ ට්‍රැක්ටර් රථයක් අද (16) පෙරවරුවේ පෙරළී යාමෙන් එහි ගමන්ගත් හමුදා නිලධාරින් හත් දෙනෙකු තුවාල ලබා කතරගම දිසා රෝහලට වෙත ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

ඉන් හතර දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සදහා හම්බන්තොට මහ රෝහල වෙත යවා ඇති බවට කතරගම පොලිසිය සදහන් කර තිබේ.

මෙම පිරිස සෙල්ලකතරගම යුද හමුදා කදවුරේ සිංහ රෙජිමේන්තුවට අයත් පිරිසක් බව සදහන්.

Exit mobile version