එලෝන් මස්ක් සිය ට්විටර් ගිණුමේ පණිවිඩයක් තබමින් නිවේදනය කර සිටියේ ට්විටර් මෘදුකාංගයේ යාවත්කාලීන කිරීමක් සිදුවෙමින් පවතින බවයි.
ඒ අනුව මින් පෙර පැවති ආකාරයට ට්විටර් ආයතන මගින් යම් පරිශීලකයෙකු අවහිර කර ඇත්නම් එය පරිශීලකයාට නොපෙන්වන අතර යාවත්කාලීනකිරීමෙන් පසු එසේ අවහිර වු පරිශීලකයන්ට එසේ සිදුවීමට හේතුව සමග කෙටි පණිවිඩයක්ද ලැබෙනු ඇත.