ට්වීටර් සම නිර්මාතෘ සිය තනතුරෙන් ඉවත්වෙයි

ට්වීටර් සමාගමේ සම නිර්මාතෘවර ජැක් ඩොර්සි මහතා එම සමාගමේ ප්‍රධාන විධායක ධූරයෙන් අස්වීමට තීරණය කර ඇත.

ඒ අනුව ඔහුගෙන් පසුවන හිස් වන තනතුර සඳහා දැනට එම සමාගමේ ප්‍රධාන තාක්ෂණික නිලධාරියා වශයෙන් කටයුතු කරන පරාග් අග්‍රවාල් පත්වීමට නියමිතව ඇත.

මොහු 2006 වසරේ දී නිර්මාණය කරන ලද ට්වීටර් සමාගමේ සහ ස්ක්වෙයාර් නම් ගෙවීම් සිදුකරන සමාගමේ ද ප්‍රධාන විධායක නිලධාරියා වශයෙන් කටයුතු කර ඇත.

ඔහු නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ “ අවසානයේ දී මට යන්න වෙලාව හරි” වශයෙනි.

මොහු මේ වන විට 45 හැවිරිදි වන අතර ,2006 වසරේ දී බිස් ස්ටෝන් ,එවාන් විලියම්ස් සහ නොආ ග්ලාස් සමග එක්ව ට්වීටර් සමාගම නිර්මාණය කර ඇත.

Exit mobile version