ටාටා හිටපු සභාපති අනතුරකට ලක්වේ

ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ සමාගමක් වන ටාටා සමාගමේ හිටපු සභාපති මාර්ග අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇත.

ඔහු සිය සුඛෝපබෝගී මෝටර් රථයෙන් මුම්බායි බලා පැමිණෙමින් සිටියදී කොන්ක්‍රීට් බැම්මක එම රථය ගැටී මෙම අනතුර සිදුව ඇත.

එම රථයේ ගමන් ගත් තවත් පුද්ගලයෙක් මරණයට පත්ව ඇති අතර දෙදෙනෙක් තුවාල ලබා ඇත.

සයිරස් මිස්ට්රි මියයන විට 54 වියෙහි පසුවූ අතර ඔහු ඉන්දියාවේ ප්‍රකට ව්‍යාපාරිකයෙක් වන අතර ඔහු 2012 -2016 දක්වා ටාටා සමාගමේ සභාපති ලෙස කටයුතු කර ඇත.

Exit mobile version