ඊයේ (18) රාත්රී 11 පමණ ඉබ්බාගමුව , කිරිදිගල්ල ප්රදේශයේදී දැදුරු ඔයට ටිපර් රථයක් පෙරලීමෙන් සිදු වූ අනතුරකින් එම රථයේ රියදුරු මිය ගොස් ඇති බව වාර්තා වේ.
පොලීසිය සැක කරන ආකාරයට රිදීගම දෙස සිට ගොකරැල්ල දෙසට කළු ගල් රැගෙන යමින් සිටියදී රියදුරුට නින්ද යෑම හේතුවෙන් මෙම අනතුර සිදු වී ඇත.
අදාළ අනතුරින් මියගොස් ඇත්තේ මාතලේ පදිංචිකරුවෙක් වන අතර අනතුරින් කිරිදිගල්ල පාලමටද හානි සිදුව ඇත.
සිද්ධිය සම්බන්ධව මදුරාගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරන බව වාර්තා වේ.