ටිරාන්ගෙයි, දේශබන්දුගෙයි වැඩ නිසා ලංකාවම සවුත්තු වෙන බව නොත්රෙන්නේ ඇයි?. ඔවුන්ට තිබෙන අනතුර ඔවුන්ටම නොත්රෙන හැටි!

රටක රාජ්‍ය පාලනය වැරදි, දුෂිත නම් එයින් අපකීර්තියට ලක්වන්නේ එම සමස්ත රාජ්‍යමය. එහි වන්දිය ගෙවීමට සිදුව තිබෙන්නේ රටේ සියලුම දෙනාටමය. අප මීට පෙරද මේවා වාර්තා කර තිබේ. එසේම අමාත්‍ය ටිරාන් අලස් මහතාට මෙන්ම දේශබන්ධු තෙන්නකෝන් මහතාටද බලය අහිමි වූ දිනයක , ගැටළු රාශියකට මුහුණ දීමට සිදු වේ. ටිරාන් අලස් මහතා මෙන්ම දේශබන්ධු තෙන්නකෝන් මහතාද අපට ශ්‍රී ලාංකිකයන්ය. මීට අවුරුදු 05 කට පෙර දැමු සෙල්ලම් ඉදිරියේදී කිරීමට නොහැකි බව ටිරාන් අලස් මහතා හෝ දේශබන්ධු තෙන්නකෝන් මහතා හෝ හඳුනාගෙන නැත. එබැවින්, අප මීට පෙරද වාර්තා කර තිබෙන ආකාරයටම මෙම දෙදෙනාම එකතුව නීතිමය රාමුව තුල පමණක් කටයුතු කිරීමේ අවශ්‍යතාවය දිගින් දිගටම දක්වා තිබේ. ශ්‍රී ලංකාව යනු මහා මාර්ග, ගොඩනැගිලිවලින් පමණක් ඉහලින් තිබෙන බව පෙනුනත්, මානසික වශයෙන් සංවර්ධනය අහලකවත් නැති රටකි. නමුත් ජාත්‍යන්තරයේ බොහෝ රටවල්වල තිබෙන්නේ මානසික සංවර්ධනය ඉහළිනි.

එවන් පසුබිමක් තුල සැකකරුවන් 30,000ක් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය විරෝධී මර්දනය, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අයිතිවාසිකම් සංවිධාන හෙළාදැක තිබේ.

ශ්‍රී ලංකා පොලිසිය පෙන්වා දෙන්නේ , පසුගිය වර්ෂ‍යේ දෙසැම්බර් මැද භාගයේ ආරම්භ වූ “යුක්තිය” මෙහෙයුමේ කොටසක් ලෙස සහ දකුණු ආසියාවේ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම සම්පූර්ණයෙන්ම තුරන් කිරීමේ අරමුණින් මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇති බවයි.

“ශ්‍රී ලංකාවේ බලධාරීන් රටේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයට දැඩි ආරක්‍ෂාව පදනම් කරගත් ප්‍රතිචාරයක් අනුගමනය කිරීම ගැන අපි ඉතා කනස්සල්ලට පත්ව සිටිමු” ලෙස මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් (Volker Turk) නිකුත් කරන ලද ප්‍රකාශයේ සදහන් කර තිබේ.

මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සම්බන්ධයෙන් සැකපිට දෙසැම්බර් 17 වැනි දින මෙහෙයුම ආරම්භයේ සිට ජනවාරි පළමු සතිය දක්වා පුද්ගලයන් 29,000කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර, තවත් පිරිසක් රඳවා තබාගැනීමට පොලිසිය කටයුතු කර තිබේ.

අත්අඩංගුවේ පසුවන අයගෙන් 1,500ක් පමණ පොලිස් අත්අඩංගුවේ පරිපාලන රැඳවුම් භාරයේ සිටින අතර, 1,600ක් අනිවාර්ය මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යවා ඇති බවට වාර්තා වේ.

හියුමන් රයිට්ස් වොච් (Human Rights Watch), ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් (Amnesty International) සහ අයිතිවාසිකම් සංවිධාන 30ක කණ්ඩායමක් විසින් මර්දනය නවත්වන ලෙසත්, සාධාරණ සාක්ෂි නොමැතිව අත්අඩංගුවට ගෙන සිටින ඕනෑම අයෙකු නිදහස් කරන ලෙසත් පසුගිය සඳුදා ආණ්ඩුවෙන් ඉල්ලා සිටින ලදී.

“මෙම මෙහෙයුම දිග හැරෙන්නේ මත්ද්‍රව්‍ය භාවිත කරන හෝ භාවිත කරන බවට සැකකෙරෙන, ශ්‍රී ලංකාවේ අපරාධ යුක්ති විනිශ්චය පද්ධතිය සහ සමාජය තුළ වෙනස් කොට සැලකීම් සහ අපකීර්තියට ලක්වන පුද්ගලයන්ට එරෙහිව දැනටමත් දැඩි මර්දනයක සන්දර්භයක් තුළය. මානව හිමිකම් නීතියට අනුකූලව මත්ද්‍රව්‍ය පාලනය සහ ප්‍රතිකාර ක්‍රියාකාරකම් සඳහා සන්නද්ධ හමුදාවන් සම්බන්ධ කරගැනීම නවත්වන්න” ලෙස දැනුම් දි තිබේ.

Exit mobile version