පසුගිය දින ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ටීම් පේන් ට සිය නායකත්වය අහිමි විය.
ඒ ටැස්මේනියානු ක්‍රිකට් ආයතනයේ සේවය කළ සමකාලීන සේවිකාවකට ලිංගික යෝජනා සහිත කෙටි පණිවුඩ යැවීම හේතුවෙන් මෙසේ ඔහුගේ නායකත්වය අහිමි වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
අදාළ සිදු වීමට ලක්වූ රේණි ෆර්ගියුසන් විසින් සත්‍ය හෙළිදරව් කර ඇත.
ඇය එහි දී සඳහන් කර ඇත්තේ ඕස්ට්‍රේලියානු හිටපු නායකයා තමන් වෙත ඉතා අසභ්‍ය ඡායාරූප කිහිපයක්ම එවූ බවත් ඒ අතර “ලිංගේන්ද්‍රිය” සහිත ඡායාරූප ද වූ බවත් ය.
ඇය මෙම තොරතුරු අධිකරණය හමුවේ දී ප්‍රකාශයට පත්කර ඇත.
එමෙන්ම පිටු 18කින් යුක්ත සිය ප්‍රකාශයෙන් ෆර්ගියුසන් සඳහන් කර ඇත්තේ පේන් සහ තමන් අතර කිසිදු ආකාරයක මිත්ර්රත්වයක් ද නොතිබූ බවයි.