ටෙලිකොම් පෞද්ගලික අංශයට පවරාගන්නා ලකුණු.

රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් තාක්ෂණික කටයුතු පිළිබද අමාත්‍යාංශීය උපදේශන කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් විය.

මෙහි වත්මන් තත්වය පිළිබද පාර්ලි‌‌මේන්තු මන්ත්‍රී උපුල් ගලප්පත්ති මහතාගෙන් විමසන ලද අතර එහිදී ටෙලිකොම් සමාගම පෞද්ගලිකරණය කිරීම පිලිබදවත් පවසන ලදී.

මෙම වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා ලාභය රුපියල් බිලියන 6 ආසන්න බවත් 2021 වසරේ ලංකා ටෙලිකොම්  සභාවේ ලාභය රුපියල් බිලියන 12 බවත් නිලධාරීන් පවසන ලදී.

ඔවුන් වැඩිදුරත් සදහන් කලේ දැනට සමාගමේ අයිතියෙන් 49.5 %රජය සතු බවත් පෞද්ගලිකරණය සිදු කලොත් මෙම අංශයට හිමිවන්නේ මෙම කොටස පමණක් බවත්ය.

Exit mobile version