දකුණු පැසිෆික් කලාපයේ පිහිටි ටොංගො දූපතට මුහුදු පත්ලේ ඇති වූ ගිනි කන්දක් සක්‍රියවීමේ තත්ත්වයක් හේතුවෙන් සුනාමි තත්ත්වයක් බලපා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
මේ වන විට විදෙස් මාධ්‍ය ඔස්සේ ටොංගො දූපතට තුළට මුහුදු ජලය ගලා එන අයුරු දැක්වෙන දර්ශන වාර්තා වේ.
මෙනිසා පැසිෆික් කලාපයේ ෆීජි රාජ්‍ය හා නවසීලන්තය ඇතුළු රටවල් කිහිපයකට ම සුනාමි අවදානමක් ප්‍රකාශයට පත්කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.