ජපානයේ ටොයෝටා සමාගම ලොව විශාලතම මෝටර් රථ සමාගමයි.
ඉතා ඉහළ ඉල්ලුමක් පවතින සුඛෝපභෝගී වාහනයක් වශයෙන් 1951 වර්ෂයේ දී එළිදක්වන ලද ලෑන්ඩ් කෲසර් රථය සැලකෙන අතර ධනවත් පුද්ගලයින් අතර ඉතා ප්රචලිත වාහනයක් ලෙස ටොයෝටා ලෑන්ඩ් කෲසර් හැඳින්විය හැක.
කෙසේ නමුත් එම සමාගම නිවේදනය කළේ Land Cruiser SUV රථය මිලදී ගැනීම සඳහා තවත් වසර 04ක පමණ කාලයක් බලා සිටීමට සිදුවන බවයි.
ඊට හේතුවක් ටොයොටා සමාගම විසින් ප්රකාශ කර නොමැති අතර එම සමාගම ප්රකාශ කළේ කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ජපානයේ ඇති කර්මාන්ත ශාලා 11ක නිෂ්පාදන ධාරිතාව අඩුකිරීමට තීරණය කළ බවයි.