ටොම් ඩීන් සහ ඩන්කන් ස්කොට් විසින් ජීබී කණ්ඩායම වෙනුවෙන් නිදහස්ආර ඉසව්වෙන් රන් හා රිදී පදක්කම් දිනා ගනී.
ටොම් ඩීන් හා ඩන්කන් ස්කොට් GB කණ්ඩායම වෙනුවෙන් නිදහස් ආර ඉසව්වෙන් රන් හා රිදී පදක්කම් දිනා ගැනීමත් සමඟ 1908න් පසු බ්‍රිතාන්‍ය පිරිමි පිහිණුම් ක්‍රීඩකයින් දෙදෙනෙකු ඔලිම්පික් වේදිකාවක් බෙදාගත් පළමු අවස්ථාව මෙය විය.
ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සිව්වන දිනයේ දී සිමෝන් බයිල්ස් විසින් ටෝකියෝ නුවර දී කාන්තා කණ්ඩායම් අවසන් තරගයේ දී ඔලිම්පික් රන් පදක්කම් 06ක් දිනා ගැනීමට සමත් විය.
මීටර් 100 උර පහර ඉසව්වෙන් රන් හා ලෝකඩ පදක්කම ඇමරිකා එක්සත් ජනපදය දිනා ගනී.
ඕස්ට්‍රේලියාවේ කයිලි මැක්වෝන් මීටර් 100 පසුපෙළ ධාවන තරඟයේ අවසන් තරඟය තත්පර 57.47 කින් නිමාකර ඔලිම්පික් වාර්තාවක් තබමින් රට වෙනුවෙන් රන් පදක්කමක් ලබාගෙන තිබේ.කැනඩාවේ කයිලි මාසෙස් තත්පර 57.72කින් තරඟය නිමා කර දෙවන ස්ථානය ලබාගත් අතර, තෙවන ස්ථානය ඇමරිකා එක්සත් ජනපදයේ රේගන් ස්මිත් ලබාගෙන ඇත.
බර්මියුඩාව ප්‍රථම වරට රන් පදක්කමක් දිනා ගනී.
බහු ලෝක ශූර ෆ්ලෝරා ඩෆි විසින් බර්මියුඩාවේ ප්‍රථම රන් පදක්කම දිනා ගනිමින් ඔලිම්පික් ශූරතාවය තම ජයග්‍රහණ එකතුවට එක් කරගන්නා ලදී.