පා පැදිකරුවෙකු හප්පා පලා ගිය කැබ් රිය පදවා ඇත්තේ ව්‍යවසායක ඩඩ්ලි සිරිසේන මහතාගේ මාධ්‍ය ප්‍රධානියා වන කාවින්ද ගමගේ නැමැත්තෙකු බව සමාජ මාධ්‍ය වාර්තා කර තිබේ.
ඊයේ රාත්‍රි පැවැති සාදයකින් හොද හැටි පදම්ව , බීමතින් ඔහු මෙම රථය පදවා තිබේ. අද අළුයම 4.30ට පමණ මෙම අනතුර සිදුකොට ඔහු පලා ගොස් තිබේ.
මෙම අනතුරින් මියගොස් තිබෙන්නේ වයස අවු.50ක තිදරු පියෙකු වු විජයරාජ ගම , ගිරිතලේ පදිංචි U.K.R. අනිල් රොහාන් යන අය බවද කියයි.
මේ දැන් වාර්තාවන ආකාරයට කැබ් රථය පැද වූ පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බවද වාර්තා වේ.
අරලිය සමූහ ව්‍යාපාරයේ AGRO ආයතනයේ මාධ්‍ය ප්‍රධානියා වෙත එම ආයතනයෙන් නිකුත් කර ඇති වාහනය මෙය බවද කියයි.
රාවණා සටහන.
මාර්ග අනතුරු ඕනෑ තරම් සිදු වේ. එය අප රටට පමණක් නොව ලෝකයටම පොදුය. බීමත්ව රිය පැදවීම සහ රිය පදවා අණතුරක් කර තුවාලකරුවන් දමා පලායාම නින්දිත සහ ම්ලේච්ච ක්‍රියාවකි. එය ශිෂ්ඨ මිනිසුන් නොකරයි. මෙම පුද්ගලයා බීමත්ව සිට එම අණතුර සිදුකලාද යන්න විද්‍යාත්මකව සාක්ෂි ලබා ගැනීමට පොලිසිය අසමත්විය හැකිය. නමුත් විවිධ පුද්ගලයන් වාර්තා කරන්නේ ඔහු එදින සාදයකදී මත්පැන් පානය කල බවයි.
බීමත්ව රිය පදවා ඔහු මරා දමන්නේ අහින්සක මිනිසෙකි. බීමත් නැතිව රිය පැදෙව්වත් තුවාලකරු අත්හැර පලා යාම නින්දිත මෙන්ම සමාවක් නොලැබිය යුතු ක්‍රියාවකි. එසේම ඩඩ්ලි සිරිසේන වැන්නවුන්ගේ ආයතනවල සේවය කරන්නෝ මීටත් වඩා වැදගත් විය යුතුය. ඒ අන් කිසිවක් නිසා නොව ඩඩ්ලි සිරිසේන මහතා අද දක්ෂ ව්‍යාපාරිකයෙකු වන්නේ කටුක ගමනකින් පසුවය. ඒවා සුරැකීමට නම් සේවකයන්ද යහපත් ගමනක් යා යුතුය.