ඩයනා නොහොත් නයනාගේ කොළමෙන් වුයේ පිරිමි හිංසනයක්! ද? – නැතිනම් විදුලි බිල වැඩිකිරීමේ ගේම් එකක්ද?

වසර දෙදහස් පන්සියයකටත් එහා ඉතිහාසයකට උරුමකම් කියන බුදුරජාණන් වහන්සේ තෙවරක්ම වැඩි දේශයක ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙසින් ද විරුදාවලිය ලැබූ දේශීය සංස්කෘතිය හා සදාචාරය රැක ගනිමින් ඉදිරියට යාමට නම් එම ද්වීපයේ අණ පනත් සකසන අණ පනත් සම්මත කරන උත්තරීතර ස්ථානය පරම පූජනීය විය යුතුය.

එම ස්ථානය පරම පූජනීය  වන්නේ නම් එය රට වැසියාගේ ජීවන සුභ සිද්ධිය මෙන්ම  ජීවන සිතුම් පැතුම් ද බොහෝ සේ නිර්මාණශීලි වනු ඇත. නමුත් එම උත්තරීතර ස්ථානය අපවිත්‍ර වූ බවට කියාපාන නවතම සිද්ධිය නයනා හෙවත් ඩයනා ගේ සිද්ධියයි. නීති අණ පනත් සකසන එම අණ පනත් සම්මත කරන උත්තරීතර වූ ශ්‍රි ලාංකේය  පාර්ලිමේන්තුව මෙලෙස කොලෙසන ලද පළමු අවස්ථාව මෙය නොවුණද කාන්තා හිංසනය මුවාවෙන් රෝහල් ගත වූ ඩයනා ගැන යමක් නොලියාම බැරිය.

අප මුලින්ම විමසා බැලිය යුත්තේ ඩයනා හෙවත් නයනා පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ කෙසේද යන්නයි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ ක්‍රම දෙකක් ඇත. එයින් පළමු වැන්න සර්වජන ඡන්ද බලයයි. දෙවැන්න ඒ ඒ පක්ෂයට ලබා දෙන ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර සංඛ්‍යාවයි. මෙහි දෙවැන්න වූ ජාතික ලැයිස්තුව 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතුළත් කළේ සර්වජන ඡන්ද බලයෙන් පාර්ලිමේන්තුව පිවිසීමට නොහැකි වන හුදෙක් මිල මුදල් වියදම් කිරීමට නොහැකි උගත් බුද්ධිමතුන් අයවලුන්ගේ නියෝජනය වූ පාර්ලිමේන්තුවට ලබා ගැනීමටය‍. එසේ නම් නයනා හෙවත් ඩයනා පාර්ලිමේන්තුවට එන්නේ ජාතික ලැයිස්තුවෙන් වුවද  ඉහත කී කරුණු කාරණා අංගසම්පූර්ණ කර ඇති දැයි අප හට ඇති වන පළමු ප්‍රශ්නයයි .මක් නිසාද යත් ඇය ද්විත්ව පුරවැසියකු බව අප සියලුම දෙනාම දන්නා කාරණාවකි. එමේන්ම ඇයගේ අනන්‍යතාවයද දෙවරක් සාවද්‍ය ලෙස වෙනස් කර ඇත. එනම් එක් පියෙකුට හා මවුවරු දෙදෙනෙකුට දාව ඉපදීමයි .එමෙන්ම ඇයගේ සැබෑ නම නයනා සමන්මලීය.

එසේ නම් ඇය ජාතික ලැයිස්තුවෙන් පත් කළ කුමන පක්ෂය වුවද  ඉහත කී ජාතික ලැයිස්තු සුදුසුකම් සපුරාඇත්දැයි යන්න අපට පැන නගින ප්‍රශ්නයකි. ඇය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වෙත පත් කර එවනු ලබන්නේ හතු පිපෙන්නාක් මෙන් වෛරී දේශපාලනය තුළින් බිහි වූ රටේ වගකීම ‍හෝ වගවීම පිළිබදව හරි හැටි අවබෝධයක් නොමැති සුකුමාල සුලලිත සමගි ජන බල වේගය විසිනි‍. හරියටම කිවහොත් අනියම් ප්‍රේම සම්බධතාවයක් දුර දිග ගොස් ගැබ් ගන්නා දරු ගැබ ගබ්සා කර ගත නොහැකිව මෙලොව එළිය දුටු බිළිදියක ලෙස ඩයනා හෙවත් නයනා කරලියට ආවේය.

ඒ කෙසේ වෙතත් ඩයනා පාර්ලිමේන්තු පැමිණි පසු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ දෑත් ශක්තිමත් කිරීමට පොහොට්ටුව පක්ෂය දෙසට  ගියාය. එතැන් පටන් සමගි ජන බල වේගයේ හදිසි ගැබ් ගැනීම නිසා බිහි වූ නයනා හෙවත් ඩයනා පොහොට්ටුව ‍තුළ පිපෙන්නට වුයේ ශ්‍රී ලාංකේය දේශපාලනයේ හර පද්ධතීන් විනාශ කරමිනි.

එයට හොදම උදාහරණය නම් ඇය ගංජා නීතිගත කිරීමට ගත් උත්සාහයයි. එමෙන්ම රාත්‍රි ආර්ථිකය නගා සිටුවීම ඇය ලිංගික ශ්‍රමිකයින් රාත්‍රියේ අලෙවි කිරීම සමාජගත කිරීමට උත්සාහ කළාය. මේ සම්බන්ධව බොහෝ අය  ඇයට කොචොක් තළද ඇය පිළිබදව නිවැරදි මතවාදයකට ඒමට නිසිවෙකුට නොහැකි විය.

කෙසේ වුවද ඩයනා මේ වන විට ‍දේශපාලනයට දායාද වී හමාරය. නමුත් ඇයගේ හැසිරීම හා ක්‍රියාකාරකම් ලාංකේය දේශපාලනය පමණක් නොව ලාංකේය පරිපාලනයේද කඩා වැටීමටද තුඩු දීමට ඉඩ ඇත. මක් නිසාද යත් ඇය රාජ්‍ය ඇමතිවරියකි. රාජ්‍ය ඇමතිවරියකගේ කාර්යභාර්ය හා ඇය ගමේ ගොඩේ ගැහැණුන් මෙන් පිරිමින් සමග ඇගේ භාෂාවෙන් කියනවා නම් ගේම ඉල්ලීම තුළ පැහැදිලි වන්නේ අපේ රටේ පාර්ලිමේන්තුව කොතරම් කිලිටිද යන්නයි. උත්තරීතර පාර්ලිමේන්තුවට සැබෑ ජනතා නියෝජනයක් ලබා දීමට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීධූර තේරීමේදී අදාළ පක්ෂ කොතරම් සැලිකිලිමත් විය යුතු දැයි මෙයින් මනාව ඔප්පු මවමින් පවතියි.

ඩයනා සම්බන්ධව ළගම කාරණාව දෙස බලන විට පාර්ලිමේන්තු පුස්තකාලය තුළ සිදුවන මෙම සිද්ධියේදී කාන්තා හිංසනය ගැන කථා කරන ඩයනා පළමුව අහිංසක විය යුතුය අපගේ මතයයි. එමේන්ම ඇය සමග රණ්ඩු වන මන්ත්‍රීවරයා මේ සියල්ල සිදු කරන්නනේ මාධ්‍යයයට සිය මුහුණ නොපෙන්වමිනි. එක අතකට ඩයනා මානසික ව්‍යාධියකින් පෙළෙන කාන්තාවක් නම් එම මන්ත්‍රීවරයා සිදු කරන්නේ අසික්ඛිත ක්‍රියාවකි. ඩයනා මානසික රෝගයකින් නොපෙළෙන්නේ නම් සම්පුර්නයෙන්ම ඩයනා වැරදිය. කෙසේ වෙතත් මෙලෙස රණ්ඩු වන්නේ සජබයේ මන්ත්‍රීවරුන් දෙපළකි. මේ දෙදෙනාම පිස්සන් නම් එම අයවලුන්  පත් කර එවූ පක්ෂය වැරදිය. එය එසේ වන්නේ මේ නැති කරන්නේ රටේ අනාගතය බැවිනි.

රට වැටී තිබෙන ආගාධය කොතරම් දැයි ඕනෑම කුඩා දරුවෙකුට වුවද වැටහෙයි. මේ මොහෙ‍ාතේ රටේ ආර්ථිකය මෙන්ම රටේ විනය ගොඩ නැගීමට පාර්ලිමේන්තුවේ සිටින වියතුන් මෙලෙස හැසිරෙන්නේ නම් අනෙක් මිනිසුන් ගැන කවර කථාද? මෙම බහින් බස් වීම් කරළිය තුළ දිග හැරීමට ඉඩ හැර  ලංකාවේ විදුලි බිල වැඩි කිරීමට රජය කටයුතු කර ඇති අතර ඉන්ධන මිලද දෛනිකව වැඩි කිරීමට යෝජනා  මවමින් පවතී ඉන්ධන මිල හා විදුලි වැඩි කිරීම තුළ සිදු වන්නේ මෙරට පුරවැසියාගේ ජීවත් වීමේ හැකියාව සම්පූර්ණයෙන්ම අහුරා දැමීමකි. දැන් එය සිදු වී හමාරය. නමුත් සිදු වීමට දෙයක් නොමැති නමුත් රට මෙතරම් අදුරු ආගාධයක තිබියදී ඩයනා හෙවත් නයනා ට පිස්සු තදවීම හෝ සමහර මන්ත්‍රීවරුන් කාන්තාවක් සමග පැටලී ගැටළු ඇතිකරගැනීම  අරුමයක් නොවේ.

Exit mobile version