සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේ දී සදහන් කොට ඇත්තේ, තමා සමගි ජනබලවේගයේ උප ලේකම් ධුරයෙන් ඉවත් වූ බවට තම ලිපි ශීර්ෂය සහ අත්සන හොරට යොදා සමගි ජන බලවේගය දිස්ත්‍රික් උසාවියකට කූඨ ලිපි ලේඛනයක් ලබාදී ඇති බවයි.
මෙම කූඨ ලිපි ලේඛන ලබාදීම සම්බන්ධයෙන් තමා විසින් රහස් පොලිසියට පැමිණිල්ලක් කර ඇති බවත් මෙම කූඨ ලිපි ලේඛන සාදා ඇත්තේ කවුරුඳ කියා රටේ ජනතාවට ඔප්පු කර පෙන්වන බවද ඩයනා ගමගේ මහත්මිය සඳහන් කර තිබේ.
ඒ පිලිබඳව අදහස් දක්වමින් මන්ත්‍රී වරිය ‘මම කිසිදිනක මෙවැනි ලේඛනයක් අත්සන් කර දී නැහැ. මගේ නම ඇති ලෙටර් හෙඩ් එකකට කූඨ ලේඛනය හැදුවේ කොහොමද? කවුද මගේ අස්සන ගැහුවෙි. මෙය බරපතල වරදක්. මම අදටත් සමගි සමගි ජනබලවේගයේ උප ලේකම් හැටියට නීත්‍යානුකූලව සිටිනවා. කිසි කෙනෙකුට එය අයින් කරන්න බැහැ” යනුවෙන් සදහන් කර තිබේ.