ඩුබායි ශ්‍රී ලාංකික පවුලක් මිනිස් ජාවාරමක

ඩුබායිවල අමුතු බෝඩිමක් – වෙනස්ම ආකරයේ මිනිස් ජාවාරමක් පිළිබඳ තොරතුරු එළියට

ඩුබායි රාජ්‍යයේ රැකියා ලබා දෙන බව පවසමින් පුද්ගලයින් රවටා මුදල් වංචා කොට ඔවුන්ව හිරිහැරයට ලක් කිරීමේ සංවිධානාත්මක කණ්ඩායමක් පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබෙනවා.

ඩුබායි හි පදිංචි ශ්‍රී ලාංකික පවුලක් විසින් මිනිස් ජාවාරම් සිදුකරන බවට එම අත්දැකීමට මුහුණ දුන් කාන්තාවක විසින් අන්තර්ජාල නාලිකාවකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් සඳහන් කර තිබෙනවා.

සංචාරක වීසා මත ඔවුන් තමන්ව ඩුබායි රාජ්‍ය වෙත කැඳවා ගැනීමට කටයුතු කළ බවත් එහිදී පොරොන්දු සියල්ල කඩකරමින් අමානුෂික ලෙස තමන්ව රදවා ගත් බවත් එම අත්දැකීමට මුහුණ දුන් තැනැත්තිය විසින් කරුණු හෙළි කර තිබෙනවා.

Exit mobile version