ඩුබායි සිට අනවසරයෙන් ශ්රීලංකාවට ගෙනෙන ලද විදේශ දුම්වැටි තොගයක් කටුනායක ගුවන්තොටුපල රේගුව මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.
ඩුබායි සිට ගෙනෙමින් තිබියදී අත්අඩංගුවට ගෙන ඇති දුම් වැටි වල වටිනාකම රුපියල් 2140000ක් වන බවයි සදහන් වන්නේ.
මෙම දුම් වැටි තොගය ගෙනවිත් ඇත්තේ නාත්තන්ඩිය ප්රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයකු වන අතර ඔහු ඩුබායිහි රැකියාවක නිරතව සිටින අයකුබවයි වාර්තාවන්නේ.
සැකකරු විසින් මෙම දුම්වැටි තොගයරැගෙන අද (18) අලුයම කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණ තිබු අතර සැකකරු හා දුම් වැටි තොගය මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබු බවයි වාර්තා වන්නේ.