ඩුබායි සිට මෙරටට ආනයනය කළ බහාලුමක සගවා තිබූ ෂීෂා යන්ත්‍ර සදහා භාවිතා කරනු ලබන නිකටින් අඩංගු මත්ද්‍රව්‍ය තොගයක් රේගු වරාය ඒකකයට සොයාගැනීමට හැකි වූ බවට වාර්තා වේ.
ඔරුගොඩවත්ත ,ග්‍රේ ලයින් 01 බහාලුම් පර්යන්තයේදී බහාලුම පරීක්ෂා කිරීමේ කටයුතු අද (18) පෙරවරුවේ සිදු කිරීමේදී එහි තිබී කිලෝග්‍රෑම් 8000ක ශුද්ධ බරින් යුතු මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගෙන ඇති බව සදහන්.
එහි වටිනාකම රුපියල් මිලියන 164 කි.
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ රේගු අධ්යක්ෂ යූ.කේ.අශෝක රංජිත් මහතා,
“ඩුබායි සිට ලංකාවට පැමිණිලා තියෙන්නේ ව්‍යාජ ලෙස ලංකාවේ ව්‍යාපාර ආයතනයක නමක් භාවිත කරලා. මේකේ නිකටින් 0.5ක ප්‍රමාණයක් අඩංගු වෙනවා. ඒ අනුව මේක ආනයනය කිරීම තහනම් සහ සීමා සහිත වෙනවා. අත්හැර දැමූ බහාලුම්, නිෂ්කාෂණය කිරීම ප්‍රමාද කරන බහාලුම් පිළිබඳ අපි අවධානයෙන් ඉන්නවා. කොහොමද මේක ගෙනාවේ සහ කවුද මේක පිටුපස ඉන්නේ කියන කාරණය ගැන.”