ඩෙංගු අවදානම ඉහළට.

මෙරට තුළින් ඩෙංගු රෝගීන් වාර්තා වීම ගිය සතියට සාපේක්ෂව මෙම සතිය වනවිට ඉහළ ගොස් තිබේ.

මේ වන විටත් සෞඛ්‍ය නිලධාරී කොට්ඨාස 58ක් අධිඅවදානම් කළාප වශයෙන් නම් කර ඇති බවත්,මෙම වසරේ ගත වූ කාල සීමාව තුළදී ඩෙංගු රෝගීන් 72,903ක් වාර්තා වී තිබූ බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

එමෙන්ම මෙම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව පසුගිය වසරට සාපේක්ෂව ගත් කළ රෝගීන් 40,998ක ඉහළ යාමක් බව ද සඳහන් වේ.

මේ වන විට වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් කොළඹ, ගම්පහ, කළුතර සහ මහනුවර යන දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇති බවත් ඉන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 14ක ඩෙංගු රෝගීන් වර්තාවීම ඉහළ යමින් පවතින බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් සඳහන් කළේය.

ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කළේ මේ වන විට එම කොට්ඨාසවල ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන හඳුනාගෙන මදුරු මර්දන වැඩසටහන් සිදුකරමින් පවතින බව වන අතර එමෙන්ම මදුරුවන් බෝවිය හැකි ස්ථාන ගැන අවධානය යොමු කරන ලෙස ද ජනතාවගෙන් ඉල්ලීම් කරන ලදී.

Exit mobile version