ඩෙංගු යළි හිස ඔසවයි.

මෙරට තුළ පවතින ශීත සහ වර්ෂා සහිත කාළගුණ තත්වය හමුවේ ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් තිබේ.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ ඉදිරියේදී තව දුරටත් ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් අපේක්ෂා කළ හැකි බවයි.

මේ නිසා සිය නිවස අවට පරිසරය පිරිසිදුව තබා ගැනීමට කටයුතු කරන මෙන් ඔහු වැඩිදුරටත් ජනාතවගෙන් ඉල්ලා සිටියේය.

Exit mobile version