මේ වන විට ඩෙංගු අධි අවදානම් කලාප 36ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්යක්ෂ නලින් ආරියරත්න පවසා තිබේ.
නිවෙස් වලට අමතරව පොදු ස්ථාන ,රජයේ හා පෞද්ගලික ආයතන වලින්ද මදුරු කීටයන් බෝ වන ස්ථාන ඇති බව ඔහු පවසා තිබේ.
වාර්තා වන ආකාරයට වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 69008 ක් සිටි බවත් පසුගිය මාසයේ පමණක් රෝගීන් 4000ක් සිටින බවයි.මෙම ගත වූ දින 3 ඇතුළත රෝගීන් 500යකට ආසන්න ප්රමාණයක් වාර්තා වූ බවද ඔහු ප්රකාශ කර තිබේ.