හිටපු ජනාධිපතිනි චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග පාලන සමයේ සිට ගෝථාභය රාජපක්ෂ පාලනය හෙබ වූ 2022 දක්වා කාලය තුල ලංකාවට ලැබුණු විදේශ විනිමය පිළිබඳ වාර්තාවක් ශ්රී ලංකා පුවත්පත් ආයතනය මගින් සකස් කර ඇති බවට වාර්තා වේ.
එම වාර්තාවට අනුව 2002දී ඩොලර් බිලියන 1.6ක් පැවති විදේශ විනිමය සංච්ත 2005දී චන්ද්රිකා බණ්ඩාරනායක පාලන සමය අවසන් වන විට ඩොලර් බිලියන 2.65ක් දක්වා ඉහළ ගොස් තිබූ බවට වාර්තා වේ.
2005දී මහින්ද රාජපක්ෂ පාලනය භාර ගත් පළමු වසරේදී විදේශ විනිමය ඩොලර් බිලියන 2.73ක් ලෙස පැවති අතර ඔහු 2015දී පාලන කාලය අවසන් වන විට ඩොලර් බිලියන 6.54ක් දක්වා වර්ධනය වී තිබූ බවත් ගත වූ වසර 10ක කාලය තුල වැඩිම විදේශ විනිමයක් වාර්තා වී තිබුණේ 2014 වසරේදී වන අතර එය ඩොලර් බිලියන 7.32 ක් බවට වාර්තා වේ.