වර්තමාන ගුවන් හමුදාධිපති වන්නේ සුදර්ශන පතිරණ මහතාය. ඔහු තව ටික දිනකින් විශ්‍රාම යැවීමට නියමිතව තිබේ. මැයි මස 9 වැනිදා ප්‍රහාරය පිලිබඳව ඔහුද දැනුවත්ව සිටි බව මෙන්ම එයට ඔහුද සමබන්ද බව විවිධ වාර්තා පල වූ අතර ඔහුගේ චායාරූපය සහිත සකසන ලද ෆොටෝ එකක්ද අනතර්ජාලය තුල සැරි සරණ ලදී.
පසුගිය 14 වැනිදා එක්ෂත් ජාතීන්ගේ මානවහිමිකම් කොමිෂමේ මූලික කණ්ඩායම නිකුත් කල ඒකාබද්ධ නිවේදනයෙන් කියවුනේ ලබන සැප්තැම්බර් මාසයේදී පැවැත්වෙන මානව හිමිකම් සැසියට පසු ගිය මැයි 9 වැනිදා සිද්ධිය පිලිබදව වාර්තා කරන බවයි. එසේම වගකිව යුත්තන් වගකිව යුතු බවද එහි සදහන් වේ.
මැයි 9 වැනිදා වන විටද ශ්‍රී ලංකාවේ හදිසි නීතිය පනවා තිබු බව කිය වේ. එසේ හදිසි නීතිය පැනවී තිබුනේ නම් එම සිද්ධියේ වගකීම ආරක්ෂක ලේඛම්ට, යුධ හමුදාධිපති, ගුවන් හමුදාධිපති, නාවුක හමුදාධිපතිට මෙන්ම පොලිස්පතිට ගැනීමට සිදුවනු ඇත. ඒකාබද්ධ නිවේදනය සැහැල්ලුවෙන් ගත නොහැකි නිවේදනයකි. ආරක්ෂක අංශ ප්‍රධානීන් බේරා ගැනීමට කිසිවෙකු නැති විය හැකි අතර ඔවුන් අත් අඩංගුවට ගැනීමේ නිවේදන වුවද නිකුත් විය හැකිය.
ලංකාව මේ වන විට පවතින තත්වයට වගකිව යුත්තේ රටේ දේශපාලන මෙන්ම වගකිව යුතු රාජ්‍ය පරිපාලන නිලධාරින්ය. සක්‍රීය සේවයේ සිටින මෙන්ම මීඑට අවුරුදු ගනනාවකට පෙර විශ්‍රාම ගිය අයද මේ තත්වයට වග කිව යුතු සොබාදහමේ දඩුවම් ලැබෙන චුදිතයන්ය. ඩොලර් නැති අස්සේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ගෙන්වන ලද සුපිරි රථය පිලිබඳව අප වාර්තා කරන ලද්දේ මීට මාස කිහිපයකට පමණ ඉහතදීය. එම වාහනය ගෙන්වීම පිලිබඳව වෙනත් මාධ්‍ය ආයතනයක් ගුවන් හමුදා මාධ්‍ය අධ්‍යක්ෂකගෙන් විමසා තිබුණු අතර ඔහුට අනුව එම වාහනය ගෙන්වා තිබෙන්නේ එක්ෂත් ජාතීන්ගේ සාමසාධක හමුදාවන්ගේ සේවය සදහා බවයි.
එසේම ගුවන් හමුදාධිපති සුදර්ශන පතිරණ මහතාගේ බිරිඳගේ නිවසක් යයි පවසන මීගමුව ගල්කන්ද ප්‍රදේශයේ බව කියවෙන නිවසක සියලු කටයුතු සිදුකරනුයේ ගුවන් හමුදා සේවකයන් යොදාගෙන බවදටද වන වීඩියෝවක් අප වෙත ලැබී තිබේ. නමුත් අප එය ප්රසිද්ධකිරීමෙන් වැලකි සිටින්නේ එම නිවස ඔහුගේ බිරිදගේමද යන්න තව දුරටත් තහවුරු කර ගත යුතුව තිබෙන නිසාය.
එසේම මෙම සැප රිය පිලිබඳව විමසීමක් කල අතර ගුවන් හමුදා ප්‍රකාශකයෙකු සඳහන් කලේ එවැනි වාහනයක් තවමත් සාමසාධක හමුදා ඛණ්ඩයක් වෙත යවා නැති බවයි. එසේ නම් ලක්ෂ 419 ක් පමණ වටිනා මෙවැනි වාහනයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ගෙන් වුයේ කා වෙනුවෙන්ද?. එම මුදල් ගෙවා ඇත්තේ මහජන මුදලින් බවට අදාළ සාක්ෂිද අප සතුව තිබේ. හමුදා නායකයන් මෙසේ මහජන මුදල් නාස්ති කලේ නම් එයින් පෙන්නුම් කරන්නේ රටක් ගැන නොහිතන ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු සතුව ඇත්තේ නිල ඇදුමද ඇදගෙන සටකපටි කම් කරන, වංචා දූෂණ මෙන්ම අක්‍රමිකතා සිදුකරන, දේශයට ගරහන ගාම්බීර නිල ඇදුමක් ඇද ගත නරින්ගේ ගති ගුණ බව අමුතුවෙන් කිව යුතු නොවේ.
එසේම ශ්‍රී ලංකා ගුවන් හමුදාව තුල පසුගිය කාල වකවානුව තුල නීතිවිරෝදී මෙන්ම නීතියට මෙන්ම මූලික මිනිස් අයිතිවාසිකම් වලටද ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවටද පයින් ගසා ගුවන් භටයන් මෙන්ම ගුවන් කාන්තාවන් බොහෝ දෙනෙකු ඉවත් කර තිබේ. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නීති අධ්යක්ෂකකවරියක්ද සිටින බවද වාර්තා වේ. නමුත් එම නීතිඥවරිය අධ්‍යක්ෂක ලෙස කටයුතු සිදුකරන කාලය තුල ගුවන් හමුදා භටයන් සිය ගනනාවක් ගුවන් හමුදාවෙන් ඉවත් කර තිබෙන්නේ නීතිවිරෝදී ලෙසය. එසේ වුවත් පසුගිය කොරෝනා සමයේ කන්සා (ගංජා) පානය කරන ලද බවට සැක පිට නම් කර තිබු නිලධාරින් 13 දෙනෙකුගේ ලැයිස්තුවක් අප වෙත ලැබී තිබුනත් සුමංගල ඩයස් ගුවන් හමුදාධිපති විසින් ඒවා යට ගසා තිබේ. නමුත් එම වරදටම සැක පිට නම් කර තිබු ගුවන් භටයන් ගනනාවක් නෙරපා හැර තිබුනේ බලහත්කාරයෙන් ප්‍රකාශයක් ලබා ගෙනය. ඒ ප්‍රධාන විනයාරක්ෂක අධ්යක්ෂකයේ සිටින කිසිදු නීතිමය දැනුමක් නැති, පොලිස් භටයන් විසිනි. ඒවා වෙන් වෙන් වශයෙන් පලකිරීමට අප මේ වන විටත් සැලසුම් කර තිබේ. එකම නීති අධ්‍යක්ෂක තමන්ට හිතවත් නිලධාරීන්ට එක විදියකත්, හිතවත් නොවන අයට තවත් විදියකටත්, ගුවන් භටයන්ට තවත් විදියකටත් සලකන බවට ද වන ලිඛිත තොරතුරු රාශියක් අප සතුව තිබේ.
අසාධාරණ ලෙස උසස්වීම් ලබා දීම්, අසාධාරණ ලෙස ස්ථානමාරුවීම්, පෞද්ගලික පලිගැනීම්, ඇතුළු බොහෝ අශිෂ්ඨ කටයුතු සිදුවන ගුවන් හමුදාවේ නීතියට ගරු නොකරන පෞරුෂත්වයක් නැති නායකයන්ගෙන් පිරි පවතී. තනතුරු මෙන්ම උසස්වීම් සහ පහල නිලයන්ට සත්‍ය ලෙස වැඩකටයුතු සිදුකිරීමට ඉඩ ලබා නොදෙන ජේෂ්ඨ හමුදා නිලධාරින් බහුතරයක් විවිධ වංචා දූෂණ සිදු කරති. ඔවුන් ඒවා කරන්නේ කෙසේද යන්නද සම්පූර්ණ වාර්තා ඉදිරියේදී අප සියලුම දෙනාගේ දැනගැනීම වෙනුවෙන් ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරමින් සිටි.
ගුවන් හමුදාව, යුධ, නාවික මෙන්ම පොලිස් දෙපාර්තමේන්තුවේද සමහර නිලධාරීන්ගේ වංචා, දූෂණ සහ අක්‍රමිකතා විශාල ප්‍රමාණයක් අප වෙත ලැබී තිබේ. ඒවා දෙස බැලීමේදී මේවාට වගකිව යුත්තන් සොයා දඩුවම් කිරීමට මතු දිනයක පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවක් හෝ ජනාධිපති විමර්ශන කොමිෂම් සභාවක් පත් කිරීමට සිදුවනු ඇත. වර්තමාන ජනාධිපතිවරයාගෙන් නම් එවැනි කටයුත්තක් සිදුවේවිදැයි විශ්වාස කිරීමට නොහැකි වුවත් අනාගත ජනාධිපතිවරයෙකුට හෝ ඒවා සිදු කිරීමට සිදුවනු ඇත.
හමුදාධිපතිවරයෙකු මාරුවන විට ඔහුගේ හිතවත් නිලධාරීන්ට තනතුරු පිරිනමන හමුදාවල්ද දේශපාලනයටත් වඩා සවුත්තු බව පෙන්වීමට ආසන්නම සිදුවීම සිදු වුයේ නව යුධ හමුදාධිපති පත්වීමත් සමගම යුධ හමුදා බුද්ධි අධ්‍යක්ෂක ඉවත් කිරීමේ සැලසුමයි. එය වාර්තා වන්නේ පසුගිය 14 වැනි දාය. රටක ආරක්ෂක අංශ සාමාජිකයන් නොසතුටින් රැකියාව සිදුකරන්නේ නම් එය රටේ ජාතික ආරක්ෂාවටද බලවත් තර්ජනයක් බව සියලුම හමුදා ප්‍රධානීන් දැන ගත යුතුය.