ඩොලර් ලක්ෂ එකහමාරක් වටිනා කෙටි පණිවිඩයක්

ලොව ප්‍රථම කෙටි පණිවිඩය ඩොලර් 149,729කට අලෙවි වී ඇත.

ලොව ප්‍රථම කෙටි පණිවිඩය “Merry Christmas” ලෙස සඳහන් වූ මෙම කෙටි පණිවිඩය අගාටෙස් නමැති වෙන්දේසි සමාගම විසින් වෙන්දේසි කළ බවයි CNN පුවත් සේවය ප්‍රකාශ කළේ.

එම වටිනාකම ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් මිලියන 32කට ආසන්න වේ.

මෙම ලොව ප්‍රථම කෙටි පණිවිඩය වොඩාෆෝන් දුරකථන ජාලය භාවිත කරමින් එවකට වයස අවුරුදු 22ක් වූ නීල් පැප්වර්ත් නමැති එංගලන්ත මෘදුකාංග ඉංජිනේරුවරයෙක් 1992 වසරේ දෙසැම්බර් මස 03 වනදා යවා ඇත.

මෙම කෙටිපණිවිඩය වොඩාෆෝන් සමාගමේ අධ්‍යක්ෂවරයෙක් වූ රිචඩ් ජාවිස් වෙත යවා ඇති අතර ජාවිස් සතුව තිබූ “Orbitel 901” නම් දුරකථනය වෙත එම කෙටි පණිවිඩය පැමිණ ඇත.

ඒ අනුව මෙම වෙන්දේසියෙල් ලැබූ ආදායම අවතැන් වූ පුද්ගලයින් සඳහා සහයවීමට එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් සහ එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සියට ලබාදීමට තීරණය කර ඇත.

Exit mobile version