ණයකරුවන්ගේ දේපළ බලහත්කාරයෙන් සන්තක කරගන්නා මූල්‍ය සමාගම්

මෑතක දී යම් මූල්‍ය ආයතනයක් විසින් සිය දේපළ බලහත්කාරයෙන් රාජ සන්තක කරගැනීමේ සිද්ධියක් සම්බනධයෙන් රටේ නම ගිය ව්‍යාපාරිකයෙක් සිය ජීවිතයට සමු දුන් සිද්ධියක් සම්බන්ධයෙන් මෑතක දී අසන්නට ලැබුණි.

ඒ සමග ම ලීසිං සහ ණය වාරික ගෙවන්නන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අසංක රුවන් පොතුපිටිය මහතා විසින් සමාජ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින් මෙවැනි සිද්ධි බොහෝමයක් පිළිබඳව හෙළිදරව් කිරීමක් සිදු කරයි.

එහි දී මොහු සඳහන් කරන්නේ මේ වන විට ජනතාවට තිබෙණ විශාලම ගැටලුව වී ඇත්තේ ලීසිං වාරික ගෙවා ගැනීමට ඇති අපහසුව වන අතර අවුරුද්දයි මාස 08ක කාලයක් ගතව ඇති නමුත් මේ වන තෙක් මහ බැංකුව ඔස්සේ කිසිදු සහනයක් ජනතාවට ලබා දී නොමැති බවයි.

මහ බැංකුව විසින් චක්‍ර ලේඛ නිකුත් කරමින් සහන කාල ලබා දෙන බව පැවසුවද බොහෝමයක් ලීසිං ආයතන අදටත් අත්තනෝමතින ලෙස එම චක්‍ර ලේඛ පිළිබඳ සැලකිල්ලක් නොමැතිව ජනතාව සූරා කමින් දඩ පොළිය එකතු කරන බවයි.

මහ බැංකුව විසින් 2021.10.06 දින නිකුත් කරන ලද චක්‍ර ලේඛයේ දී ඉදිරියට ඇති පොළිය 100% ක් ඉවත් කරන ලෙස දන්වා තිබුණ ද ලීසිං සමාගම් විසින් ඒවා පිළිබඳ සැලකිලිමත් නොවී කටයුතු කරන බව ද ඔහු මෙහි දී පෙන්වා දී ඇත.

2021.09.08 වන දින නිකත් කරන ලද චක්‍ර ලේඛණයේ සඳහන් වන්නේ බැංකු නොවන මූල්‍ය ආයතන සහ බැංකුවල පවතින ලීසිං ණය වාරික ගෙවීමට  2021.12.31 වනදා තෙක් සහන කාලයක් ලබා දීමට සලකා බලන ලෙසට සඳහන් කර ඇති අතර ඔහු ප්‍රකාශ කරන්නේ ස්වාධීන මහ බැංකුව විසින් කරන ලද මෙම ප්‍රකාශය කිසිසේත් සාධාරණ නොවන බවයි.

2021.10.06 දින නිකුත කරන ලද චක්‍ර ලේඛයේ ද සඳහන් කර තිබෙන්නේ අවමය තිබූ 5.5% සිට උපරිමය 11.5% දඩ පොළිය 15% තෙක් වැඩි කරන ලෙස වන අතර මෙයින් කිසිදු සහනය පිළිබදව සඳහන් නොවේ.

මහ බැංකු අධිපතිවරයා පත්කෙරුණු මොහොතේ මෙම පරටේ නීතිය මාස 06ට අවලංගු කළ අතර ඊට පෙර මෙම පනත සංශෝධණය සඳහා කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ නමුත් පසුව මෙම මහ බැංකු අධිපතිවරයා විසින් එය වළක්වාඅවලංගු කර ඇත.

පසුගිය දිනක සිය ජීවිතයට සමුදුන් ව්‍යාපාරික සෝමසිරි ප්‍රනාන්දු මහතාගේ මරණය ද මෙම අවලංගු කිරීමේ ප්‍රතිඵලයක් බව ද ඔහු පෙන්වා දී ඇත.

එම නීතිය මාස 06ට අවලංගු කර තිබූ අවස්ථාවක මෙම ව්‍යාපාරික මහතාගේ දේපල සියල්ල බැංකුව විසින් පවරා ගත් බවට සැලවීම හේතුවෙන් මෙලෙස ඔහු සියදිවි නසාගෙන ඇත.

 ගිය වසරේ දී පමණක් මෙම ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් අපේ රටේ අහිංසක ජනතාව 170ක් පමණ සිය ජීවිතයට සමු දී ඇති බවත් ,ඇතැම් ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් මහ බැංකුවේ හෝ ලියාපදිංචි නොවන ඒවා වන අතර ඔවුන් අත්තනෝමතික ලෙස 30% – 32% පොළී අය කරමින් අහිංසක මිනිස්සු ණයකරුවන් කර අපේ රට තව තවත් ආගාදයකට රැගෙන ගොස් ඇති බව ද ඔහු මෙහි දී අවධාරණය කර ඇත.

ඔහු අවසන් වශයෙන් ඉල්ලා සිටින්නේ මේ රටේ ජනතාවට යම් සහනයක් ලබා දිය යුතු බවත් රජය මැදිහත් වී හෝ මෙම ණය බර යම් මට්ටමකට හෝ විසඳීමට කටයුතු කළ යුතු බවත්ය.

මෙවැනි ගැටලු රාශියක් මේ තුළදී ඔහු අනාවරණය කර ඇති අතර අදාළ වැඩසටහන පහතින් නැරඹීමේ හැකියාව ඇති අතර ඔබත් මෙවැනි ආයතන හෝ මූල්‍ය සමාගම්වල‌ට රැවටී ඇත්දැයි සිත බලා කටයුතු කරන ලෙසත් මේ සම්බන්ධ අදාළ බලධාරීන්ගේ ද අවධානය මෙම ගැටලු සම්බන්ධයෙන් යොමුවේ යැයි කියා ද සිතමු.

Exit mobile version