ණය අනුපාත

ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්‌යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය පී.කේ.ජී. හරිස්චන්ද්‍ර පැවසුවේ පෞද්ගලික අංශය ණය ගැනීමේ කැපී පෙනෙන වර්ධනයක් පසුගිය කාලයේ නිරීක්ෂණය වූ බවයි.

අගෝස්තු සහ සැප්තැම්බර් යන මාස දෙකෙහි පෞද්ගලික අංශය ණය ගැනීමේ වර්ධනයක් නිරීක්ෂණය වී ඇති අතර සැප්තැම්බර් මාසයේදී බිලියන හැත්තෑවක පමණ වර්ධනයක් වාර්තා වී තිබේ.

වාර්තා වන ආකාරයට මෙය සාධනීය තත්ත්වයක් බවත් ආර්ථික කටයුතු වැඩි වීමට නම් ණය ගැනීමේ වර්ධන වේගයක් තිබිය යුතු බව ද ඔහු පවසා තිබේ.

මේ වසරේ ජූනි මාසයේ සිට පොලී අනුපාත 15% වඩා වැඩි ප්‍රමාණයකින් පහළට ඒමත් තැන්පතු අනුපාත 10% මට්ටමේද ණය අනුපාතය 12% මට්ටමේද පවතින බව හෙතෙම කියා තිබේ.

එමෙන්ම ඔහු පවසන්නේ වෙළෙදපොළේ ණය අනුපාත හා තැන්පතු අනුපාත විශාල වශයෙන් පහත වැටීම මගින් පෞද්ගලික අංශයට ණය ගැනීමේ හැකියාව ටිකෙන් ටික වර්ධනය වී ඇති බව පෙන්නුම් කරන බවයි.

එමෙන්ම පොලී අනුපාත තවදුරටත් පහත වැටීමේ හැකියාවක් ඇති බවද අධ්‍යක්ෂවරයා තවදුරටත් අවධාරණය කර තිබේ.

Exit mobile version