මහබැංකු වාර්තා අනුව ණය කාඩ් භාවිතය 2021 වර්ෂයට සාපේක්ෂව 2022 වර්ෂයේ දී ඉහළ ගොස් ඇති බව සදහන් වේ.
එම වාර්තා දක්වන ආකාරයට 2021 වසර අවසානය වන විට ක්‍රියාත්මක කාඩ් පත් සංඛ්‍යාව 19,027,195 ක්ව පැවති අතර එය 2022 වසර අවසාන වන විට 19,052,991ක් දක්වා වැඩිව ඇති බවයි වාර්තා වී ඇත්තේ.
මහබැංකු වාර්තා වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ ඒ අතර මුදල් නොගෙවූ ශේෂය 2021 වසරට වඩා 2022 වසරේ වැඩි වී ඇති බවයි. ඒ අනුව 2021 වසරේ හිග ශේෂය 133,285ක් වූ අතර 2022 වසර වන විට එය 143,098 දක්වා වැඩි වී ඇති බවයි.