2021 වර්ෂයේ බංගලාදේශය විසින් විදේශ මුදල් හුවමාරු ක්‍රමය යටතේ ශ්‍රී ලංකාව වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදලක් ලබා දුන් අතර එම ණය මුදල ගෙවීම සදහා අමතර මාස 6ක කාලයක් ලබා දෙන ලදී. මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදය හේතුවෙන් එම ණය මුදල ගෙවීම සදහා තවත් අමතර කාලයක් ඉල්ලා ඇති අතර ඒ අනුව සැප්තැම්බර් මාසය දක්වා කල් ලබා දීමට බංගලාදේශ රජය තීරණය කළ බව බංගලාදේශ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය අබ්දුල් මොමෙන් මහතා ප්‍රකාශ කරන ලදී. එමෙන්ම මෙම ණය මුදල ගෙවීම සදහා ලබා දිය හැකි අවසාන කාල සීමාව මෙය බවද එතුමා ප්‍රකාශ කරන ලදී .