ලංකාව පිටරටට විකුණා මුදල් ගෙන රටම ණයකරුවන් බවට පත්කල පාලකයනට පින් සිදුවෙන්නට අද ශ්‍රී ලංකාවේ ජනතාව අප්‍රාණික වෙමින් පවතී. රටේ ස්ථීර දියුන්වක් වෙනුවට අමුද ලේන්සුවෙන් පස්සස වැසීමට උත්සාහ ගත පාලකයන් රටේ ජනතාව අප්‍රාණික කලේ ණය ලබා ගැනීමට දිරිමත් කරමිනි. එවන් පසුබිමක් නිර්මාණය කල පාලකයන් නිසා ණය ගෙවා ගැනීමට නොහැකිව මිනිසුන් මිලියන ගණනාවක්ම දුක් විඳිති.
දඹුල්ල, මාගන්දන ප්‍රදේශයේ පුද්ගලයෙකුට ණය වාරිකය ගෙවා ගත නොහැකිව ගෙවත්තේ ගසක එල්ලි ගෙල වැළලාගෙන සියදිවි හානි කර ගෙන තිබෙන බව අපට වාර්තා වේ. ඔහු පෞද්ගලික මුල්‍ය සමාගමකින් රුපියල් ලක්ෂ 10ක මුදලක් ණයට ලබා ගෙන තිබේ. මාසික වශයෙන් රුපියල් 34,000ක මුදලක් දීමට පොරොන්දු වී ඇති නමුත් එය ගෙවා ගත නොහැකිව ඇත්තේ ඔහුගේ ව්‍යාපාරික කටයුතු අඩාල වීම හේතුවෙන් බව වාර්තා වේ.
එසේම වාරික කිහිපයක් ගෙවීමට නොහැකි වීමෙන් එම මුල්‍ය ආයතනය හා ණය ඇපකරුවන් නිතර ණය මුදල ගෙවන ලෙසටද කරදර කර තිබෙන අතර මිය ගොස් ඇති පුද්ගලයාගේ වයස අවුරු 36 ක් බවද පොලසිය සදහන් කර තිබේ.