ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් අද විශේෂ සාකච්ඡාවක්

අද (03 ) Zoom තාක්ෂණය ඔස්සේ විදෙස් රටවලින් ලබාගෙන ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් රජයේ බලධාරීන් සහ අදාළ ණය හිමියන් අතර පැවැත්වීමට නියමිතව ඇත.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් ණය ලබා ගැනීමට එහි අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම උදෙසා ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදු කළ යුතුව ඇත.

ඒ අනුව ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ණය හිමියන් සමඟ සාකච්ඡා කොට සහය ලබා ගැනීමට මෙහිදී අපේක්ෂා කරයි.  

Exit mobile version