ණය සීමාව ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය

2021 වර්ෂය සඳහා වන විසර්ජන පනත මඟින් අනුමත ණය සිමාව ඉහළ දැමීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත.

මේ අනුව අනුමත රුපියල් බිලියන 2,997ක් වූ ණය ගැනිමේ සීමාව තවතු රුපියල් බිලියන 400කින් ඉහළ දමමින් රුපියල් බිලියන 3,397ක් දක්වා සංශෝධනය කර ඇත.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් විසර්ජන පනත සං‌ශෝධනයට අවශ්‍ය පියවර ගැනීමට කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

2021 වර්ෂයේ අනුමත ණය සිමාව ඒ අකාරයට ඉහළ නැංවීමට රටේ පවත්නා කොවිඩ් වසංගත තත්ත්වය නිසාවෙන් රජයේ ආදායම අඩුවීමත්, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වියදම මෙන් ම ආදායම අහිමි වූවන් වෙනුවෙන් සමාජ ආරක්ෂණය සුරක්ෂා කිරීම හා සිය ආදායමෙන් වැටුප් ගෙවන ලද ආයතනවල ආදායම අහිමිවීම නිසා වැටුප් හා අනෙක් වියදම් ඉහළ යාම අදී කරුණු රාශියක් හේතු වී ඇත.

Exit mobile version