ඊයේ (23) දින තංගල්ල හෝටලයකදී තරුණ යුවළක් ගෙල වැල දා සියදිවි හානි කර ගත් පුවතක් වාර්තා විය . මෙම තරුණ යුවළ සියදිවි හානි කර ගන්නා ආකාරය ඒ අසල CCTV කැමරාවක සටහන්ව තිබූ බව පොලිසිය සදහන් කරයි .
එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණ වලින් තරුණ යුවළගේ මරණය සියදිවි හානි කර ගැනීමක් බව අනාවරණය වී තිබේ . මිය ගිය තරුණයා අවුරුදු 22 ක තරුණයෙක් වන අතර තරුණියට අවුරුදු 17 බව සදහන් කරයි.
මෙම තරුණ යුවළ අතර ප්‍රේම සබදතාවක් තිබී ඇති අතර ඔවුන් දෙදෙනා පෙරේද රාත්‍රියේ හෝටල් කාමරයේ රැදී සිට ඇති බව කියයි . මිය යාමට පෙර ලියා තිබූ ලිපියක් කාමරයේ තිබී සොයා ගත් බව වාර්තා වේ.
මිය ගිය තරුණයාට උප්පැන්න සහතිකයක් නොමැති වීමෙන් ඔවුන්ගේ විවාහයට බාධා පැවතීම නිසා මෙම සිය දිවි හානි කර ගැනීම දෙදෙනාගේ කැමැත්තෙන් සිදු කර ගත් බව එම ලිපියේ සදහන් කර තිබුණි .