තම දැරිය නීතිවිරෝදී සැමියට දන් දුන් මවක්.

කටුගස්තොට පොලිස් බල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් මුහුණු පොත හරහා හදුනා ගත් පුද්ගලයෙකුට තම දැරිය අපයෝජනය සදහා ලබා දී ඇති බව වාර්තා වේ.

වාර්තා වන ආකාරයට මෙම කාන්තාවගේ සැමියා වසර දෙකකට පමණ ඉහතදී මිය ගොස් ඇති අතර මෙම කාන්තාව මුහුණු පොත හරහා විවිධ පුද්ගලයන් හදුනා ගෙන ඇසුරු කිරීමට පටන් ගෙන ඇති අතර මෙම පුද්ගලයන්ගෙන් එක් පුද්ගලයෙක් තම අනියම් සැමියා ලෙස යොදා ගෙන ඇත.එම පුද්ගලයා නිතර කාන්තාවගේ නිවසට යන එන බවත් මොවුන් අතර අනියම් ඇසුරක්ද පැවති බවත් කියයි.

මේ අතරතුර දිනක මෙම පුද්ගලයා එම නිවසේ සිටි හත් හැවිරිදි දියණිය අපයෝජනයට තැත් කර ඇති අතර ඒ සදහා දැරියගේ මව වන මෙම කාන්තාව ද මෙම පුද්ගලයාට අනුබල දී ඇති බව ප්‍රකාශ කරයි.

මෙම සිද්ධිය දැරිය විසින් තම නැන්දාට පවසා ඇති අතර නැන්දා විසින් දැරියගේ මිත්තණියට පවසා පොලීසිය වෙත පැමිණිලි කළ බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් මව සහ අනියම් සැමියා අත්අඩංගුවට ගත් බව කටුගස්තොට පොලීසියේ ළමා හා කාන්තා කාර්‍යාංශය ප්‍රකාශ කරයි.

Exit mobile version